gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka

මහින්ද මහත්තයගේ අගේ තේරෙන දවසකුත් එයි – නාමල්

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා රටේ ජනතාවට ඉමහත් සේවයක් කර ඇති බවත් ඔහුගේ අගය මෙතෙක් බොහෝ අයට තේරී නොමැති බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා පවසනවා.

මාධ්‍යයට අදහස් දක්වමින් ඔහු කියා සිටියේ, හිතේ කහටක් නොමැතිව මහින්ද රාජපක්ෂ මහතා සතුටින් වැඩ කළ නිසා ඔහු අදටත් සතුටින් සිටින බවත් එතුමාගේ අගය තේරීමට නම් කල් යන බවයි.

එමෙන්ම මහින්ද රාජපක්ෂ මහතාට සෙත් පතා සත් දින සෙත් පිරිත් සජ්ඣායනාවක් අද විජේරාම නිල නිවසේදී පැවැත්වුණු බවද ඔහු එහිදී සඳහන් කළා.

මීට අමතරව තමා සමඟ සිටින සෙනඟ දකින්න දකින්නට තමාට එන කරදර වැඩි වන බව නාමල් රාජපක්ෂ මහතා පවසනවා.

මර්ධනයෙන් පමණක් තම දේශපාලනය සිදුකළ හැකි බවට සමහර දේශපාලන පක්ෂ විශ්වාස කරන බවත්, රට ගොඩනැගීමට ඔවුන්ට වැඩපිළිවෙළක් නොමැති බවත් ඔහු සඳහන් කළා.

තමා මර්දනයට සූදානම් අතර එයට මුහුණ දෙන බවත් තමාගෙන් පලි ගත්තාට තම පාක්ෂිකයන්ගෙන් පලි නොගන්නා ලෙස ඉල්ලා සිටින බවත් ඔහු වැඩිදුරටත් කියා සිටියා.

ඒ පිළිබඳ වැඩිදුරටත් අදහස් දැක්වූ නාමල් රාජපක්ෂ මහතා :

“මහින්ද මහත්තයාගේ අගය තාම බොහෝ අයට තේරිලා නැහැ. ගොඩක් කල් යයි. තේරෙන දවසක් එයි. හැබැයි ඉතින් මහින්ද මහත්තයා මේ රටේ මිනිස්සුන්ට වැඩ කළා. ඒක ප්‍රතික්ෂේප කරපු විවේචනය කරපු ආදරය කරපු අය ඉන්නවා. ඒක තමයි ලෝකයේ හැටි කොහොම වුණත් අපි හිතේ කහටක් තියාගෙන වැඩ කරේ නැහැ. හිතේ සතුටින් කළේ ඒ නිසා මහින්ද මහත්තයා අදත් සතුටින් ඉන්නවා.

සෙනඟ දකින්න දකින්න කරදර වැඩිවෙනවා. කෙටියෙන් මෙච්චරයි කියන්න තියෙන්නේ තියෙන්නේ. අපි කරන්නේදේශපාලනය, අපිට එක් එක් පෞද්ගලික න්‍යාපාත්‍රය නෑ. සමහර වෙලාවට සමහර දේශපාලන පක්ෂ විශ්වාස කරනවා මර්දනය පමණයි තමන්ගෙ දේශපාලනය කරගන්න පුළුවන්,මොකද රට ගොඩනගන්න වැඩපිළිවෙළක් නෑ. ඒ හින්දනේ රටේ ආරක්ෂක නියෝජ්‍ය ඇමතිවරයා රෑ සාකච්ඡා පිළිබඳ කතා කරනවා.පොලිස් ඇමතිවරයා පාර්ලිමේන්තුවේ අත්අඩංගුවට ගැනීම් ගැන කතා කරනවා ඒ වගේම ඇප ලැබුණම අධිකරණ අමාත්‍යවරයා ඒ පිළිබඳවත් සමාජයට ඇවිල්ල පැහැදිලි කරනවා”
gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka