gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

වාහන මොඩිෆිකේෂන් කියන්නේ කර්මාන්තයක්… ක්ලීන් ශ්‍රී ලංකා කියලා ඒ ව්‍යවසායකයෝ පාරට ඇදලා දාන්න එපා…! – නාමල්

Clean Sri Lanka ව්‍යාපෘතිය යටතේ පාක් එකේ ත්‍රිරෝද රථ, බස් රථ, පාර දෙපස කඩල කඩ, වඩේ කඩ, කොස් කඩ ක්ලීන් නොකර රටට ඵලදායි වැඩපිළිවෙළක් දියත් කළහොත් එය ආණ්ඩුවට හොඳ බව පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ පවසයි.

මේ වන විට වාහන මොඩිෆිකේෂන් කිරීම විශාල පිරිසක් ආදායම් මාර්ගය බවට පත්ව ඇති කර්මාන්තයක් බවත් එහි යම් අඩුපාඩුවක් ඇත්නම් එය නිවැරදි කර මගී ආරක්ෂාව තහවුරු කරනු මිස ව්‍යවසායකන්ට බඩට පහර ගසන මෙවැනි අත්තනෝමතික ක්‍රියා ක්ලීන් කිරීමක් නොවන බවත් ඔහු ප්‍රකාශ කරයි.

කිසිවෙකු සිය වාහනය ලස්සනට තබා ගැනීමට ඊර්ෂ්‍යා නොකළ යුතු බවත් ආණ්ඩුව රට ක්ලීන් කරන අතර ආණ්ඩුව ක්ලීන් කර දීමේ වගකීමක් තමන්ට ඇති බවත් නාමල් රාජපක්ෂ අවධාරණය කරයි.

මාධ්‍ය නැඟූ ප්‍රශ්න කිහිපයකට පිළිතුරු දෙමින් හෙතෙම මේ බව කීය.


gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka