ප්‍රජාතන්ත්‍ර විරෝධී දූෂිතයන් අල්ලන්න මේ ව්‍යවස්ථාවෙන් බෑ… අලුත් ව්‍යවස්ථාවක් ඕන…! – කාදිනල්තුමා
ප්‍රජාතන්ත්‍රවාදී පාලනයක් ගොඩ නැගීම උදෙසා වර්තමාන ව්‍යවස්ථාවේ ප්‍රජාතන්ත්‍ර විරෝධී දුර්වලතා ජය ගැනීමට නව ව්‍යවස්ථාවක අවශ්‍ය බව කොළඹ අගරදගරු මැල්කම් කාදිනල් රංජිත් හිමි පවසයි.
“පාස්කු ප්‍රහාරය පිටුපස තිබුණ සැබෑ තොරතුරු හෙළිදරව් කරගැනීම තමා හුඟාක් වැදගත් වෙන්නේ. කවුද මේක කළේ, කුමන කාරණාවකට මේක කළේ, කාගේ සහයෙන් ද මේක කළේ, කියන එක සම්බන්ධව පුළුල් විමර්ශනයක් කළ යුතුයි.
ලංකාව තුළ පසුගිය කාලයේ දී මේ වාගේ දේවල් ගොඩක් වෙලා තියෙනවා. මිනීමැරුම්, අතුරුදන් කිරීම් ආදි හුඟාක් දේවල්වලට විමර්ශනයක් සිද්ධ වෙලා නෑ හරියාකාරව.
ප්‍රජාතන්ත්‍රවාදයට විරුද්ධව කරන ලද නොයෙකුත් දුෂිත ක්‍රියාවන් සියල්ල විමර්ශනය කරන්න අවශ්‍ය යාන්ත්‍රණය දැනට සකස් කරන්න කියන එක තමා අපේ ඉල්ලීම.
එයට අවශ්‍ය ව්‍යවස්ථාමය වෙනස සිදුකිරීම අවශ්‍යයි. දැනට පවතින ව්‍යවස්ථාව තුළ තියෙන නොයෙකුත් දුර්වලකම් ජයගැනීමට නව ව්‍යවස්ථාවක් තිබිය යුතුයි.”
කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න සහ කොළඹ අගරදගරු හිමි අතර පෙරේදා (05) පස්වරුවේ පැවති හමුවෙන් අනතුරුව කාදිනල් හිමි මාධ්‍ය අමතමින් මෙම අදහස් පළ කළේය.
ප්‍රජාතන්ත්‍ර විරෝධී දූෂිතයන් අල්ලන්න මේ ව්‍යවස්ථාවෙන් බෑ… අලුත් ව්‍යවස්ථාවක් ඕන…! – කාදිනල්තුමා
2025-01-07T09:02:00+05:30
Gossip Lanka Hot News





