gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

බොරු පුවත් පළකරලලු – දිලිත් ජයවීරගේ අරුණ පුවත්පතට රජය අනතුරු අඟවයි (VIDEO)

රජයේ ‘ක්ලීන් ශ්‍රී ලංකා’ ජාතික වැඩසටහන සම්බන්ධයෙන් පසුගියදා පළ වූ අසත්‍ය ප්‍රවෘත්ති සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී දිලිත් ජයවීරට අයත් ‘අරුණ’ පුවත්පට රජය දැඩි අවවාදයක් ලබාදුන්නේය.

අද ජනමාධ්‍ය වෙත අදහස් දක්වමින් රජයේ ප්‍රකාශක සහ ජනමාධ්‍ය අමාත්‍ය නලින්ද ජයතිස්ස කියාසිටියේ සදාචාර විරෝධී ජනමාධ්‍ය භාවිතයන්ට ඉඩ නොතබන බවයි.

අදහස් ප්‍රකාශ කිරීමේ නිදහස ආරක්‍ෂා කරන අතරම දිගින් දිගටම සිදුවන මෙවැනි සදාචාර විරෝධී ජනමාධ්‍ය භාවිතයන්ට එරෙහිව පියවර ගැනීමේ බලය රජයට පැවරී ඇති බවද ඔහු පැවසීය.

නොමඟ යවන සුළු පුවත් වාර්තා කරන ජනමාධ්‍ය ආයතනවලට එරෙහිව පැමිණිලි කිරීමට ජනතාවට අයිතියක් ඇති බවද අමාත්‍යවරයා අනාවරණය කළේය.

අරුණ පුවත්පත මිට පෙරද අවස්ථා ගණනාවකදීම රටට සජ ජනතාවට අයහපත් ආකාරයෙන් බලපාන අසත්‍ය පුවත් පළකර ඇති බව පෙන්වාදුන් ඇමතිවරයා ඊට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට අපේක්ෂා කරන බව සඳහන් කළේය.

රජයේ ‘ක්ලින් ශ්‍රී ලංකා’ ව්‍යාපෘතිය යටතේ වීදි වෙළෙඳුන්ට ව්‍යාපාර කිරීමට ඉඩනොදෙන බවට පවසමින්, එම ව්‍යාපෘතිය පිළිබඳව පසුගියදා පුවත්පත් මගින් පළකළ වාර්තාවක් සම්බන්ධයෙන් අමාත්‍ය නලින්ද ජයතිස්ස මෙම අදහස් පළකළේය.

ජාතික ජන බලවේග ආණ්ඩුව ජනමාධ්‍ය නිදහස සුරකින පාලනයක් බව ප්‍රකාශ කළ ඔහු, කෙසේවෙතත් දේශපාලන අරමුණු සඳහා තම මාධ්‍ය ව්‍යාපාරය යොදා ගනිමින් අසත්‍ය, ද්වේෂසහගත සහ උපාමාරු සහිත පුවත් පතුරුවන පුද්ගලයින්ට එරෙහිව ක්‍රියාමාර්ග ගැනීමට රජයට අයිතියක් ඇති බවද වැඩිදුරටත් පැවසීය.


gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka