gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

මාලිමා ලොකුම ලොක්කෙකුගේ ගෙදරට හොරු පනී!

ජාතික ජනබල වේගයේ ප්‍රධාන ලේකම් කළුතර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී විශේෂඥ වෛද්‍ය නිහාල් අබේසිංහ මහතාගේ හොරණ ඉලිබ අත්කම් නිවාස සංකීර්ණය පිහිටි නිවස 02 රාත්‍රී සොරු බිඳ ඇතැයි හොරණ මූලස්ථාන පොලිසිය කියයි.

පැමිණි සොරුන් රුපියල් 25000ක මුදලක් රැගෙන ගොස් ඇති බව පොලිසිය සඳහන් කරයි

විශේෂඥ වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පවුලේ සාමාජිකයන් 02 සවස සිට එම නිවසේ සිට නැති අතර 03 පෙරවරුවේ පැමිණෙන විට නිවසේ කාමරයේ රෙදිපිලි ඇද දමා අල්මාරිය විවෘතව තබා තිබෙන අයුරු දැක විමසිලිමත් වීමේදී මුළුතැන්ගෙහි දොර සහ ජනේලයක් විවෘතව තිබෙන අයුරු වැඩිදුරටත් දැක තිබූ බව පැමිණිල්ලේ සඳහන්ය

අල්මාරිය තුළ රෙදි පිළි අතර තිබූ මුදල් මෙලෙස රැගෙන ගොස් ඇති බව පොලිසිය සඳහන් කරයි

සොරුන් මුළුතැන් ගේ ජනේලයෙන් නිවසට ඇතුළු වී සොරකමෙන් අනතුරුව දොරෙන් පිටවී ඇති බව මූලික විමර්ශනවලදී අනාවරණය වී යැයි පොලිසිය කියයි

පානදුර කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී චමිල් රත්නායක සහකාර පොලිස් අධිකාරී උදය කුමාර මහත්වරුන්ගේ උපදෙස් මත හොරණ මූලස්ථාන ප්‍රධාන පොලිස් පරීක්ෂක පි එස් පනාවල මහතාගේ මෙහෙයවීමෙන් අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ලක්ෂ්මන්ද සිල්වා මහත්වරුන් පරීක්ෂණ පවත්වයි

– Lankadeepa


gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka