gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

දුමින්ද සිල්වාගේ ටිකට් කපයි!

භාරත ලක්ෂ්මන් ප්‍රේමචන්ද්‍ර ඝාතනයට අදාළව මරණ දඬුවම නියම වී සිටින හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වා බන්ධනාගාර රෝහලෙන්, වැලිකඩ බන්ධනාගාරයේ සාමාන්‍ය සිරමැදිරියක් වෙත මාරු කර යවා තිබෙයි. බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක ගාමිණී. බී. දිසානායක මහතා සඳහන් කළේ ඊයේ  (10) පස්වරුවේ දුමින්ද සිල්වා මෙලෙස වැලිකඩ බන්ධනාගාරයට මාරු කර යැවූ බවයි.

දුමින්ද සිල්වා ගේ රෝගී තත්ත්වය පිළිබදව සොයා බැලීමට වෛද්‍ය මණ්ඩලයක් පත් කළ බව බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශකවරයා  ප්‍රවෘත්ති සාකච්ඡාවකදී පවසා සිටි අතර ඔහු සදහන් කළේ බන්ධනාගාර දෙපාර්තමේන්තුවේ ඉල්ලීමකට අනුව තවදුරටත් දුමින්ද සිල්වා බන්ධනාගාර රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ගත යුතුදැයි සොයා බැලීමට සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් වෛද්‍ය මණ්ඩලයක් පත් කළ බවයි.

‍වෛද්‍ය මණ්ඩලය ලබාදුන් නිර්දේශ අනුව මෙලෙස ඔහු සාමාන්‍ය සිර මැදිරියකට යොමු කර ඇත.

මරණීය දණ්ඩනයට නියමව සිටින දුමින්ද සිල්වා මහතා මේ දක්වා සිටි බන්ධනාගාර රෝහලේ විශේෂ පහසුකම් ලැබෙන බවට පළවන වාර්තා ප්‍රතික්ෂේප කරන බව කියමින් මීට දින 5 කට පෙර දුමින්ද සිල්වා ප්‍රතිකාර ලබන වාට්ටුවේ ඡායාරූප මාධ්‍ය වෙත නිකුත් කරන්නටද බන්ධනාගාර කොමසාරිස්, මාධ්‍ය ප්‍රකාශක ගාමිණී බී. දිසානායක මහතා කටයුතු කර තිබුණි.

දුමින්ද සිල්වා බන්ධනාගාර රෝහලේ වාට්ටුවේ අංක 3 හි නේවාසිකව ප්‍රතිකාර ලබන්නේ රැඳවියන් 50කට වැඩි පිරිසක් එහි ප්‍රතිකාර ලබමින් සිටියදී බව එහිදී පැවසිණි.

දුමින්ද සිල්වා මුලින් බන්ධනාගාරයට මාරුකර යවන විට ප්‍රතිකාර කළ විශේෂඥ වෛද්‍යවරයාගේ උපදෙස් මත ශ්‍රී ජයවර්ධනපුර රෝහලේ අධ්‍යක්ෂවරයා වෛද්‍ය අධීක්ෂණය යටතේ ප්‍රතිකාර කළ යුතු බවට නිර්දේශ කර තිබුණි.

කෙසේ වෙතත් එම නිර්දේශ එසේ තිබියදී දුමින්ද සිල්වා තවදුරටත් බන්ධනාගාර රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ගත යුතුද යන්න පිළිබඳව බන්ධනාගාර දෙපාර්තමේන්තුව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයාගෙන් විධිමත් විමසීමක් කිරීමෙන් පසු අද දිනයේ එම නිර්දේශ ලැබී ඇති අතර එහිදී පවසා ඇත්තේ ඔහු තවදුරටත් රෝහලේ සිටිය යුතු නැති බවකි.‍ වෛද්‍ය මණ්ඩලය ලබාදුන් නිර්දේශ අනුව  ඔහු සාමාන්‍ය සිර මැදිරියකට යොමු කරන ලද්දේ මේ නිසාය.


gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka