gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

ලොකු නඩුවකට චතුරිකාත් පැටලෙයි... ලගම අයෙක් කොටුවෙයි!

විදේශ රටවලින් ආනයනය කර නිෂ්කාශනය නොකරන ලද සුඛෝපභෝගි වාහනවල ඡායාරූප පෙන්වා සුඛෝපභෝගී මෝටර් රථයක් ලබා දීමට හැකි බව පවසමින් රුපියල් 27,660,000 මුදලක් වංචා කළැයි කියන සිද්ධියට අදාළ තවත් සැකකරුවන් සිටී නම් අත්අඩංගුවට ගෙන අධිකරණයට වහාම ඉදිරිපත් කරන ලෙස කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් තනූජා ලක්මාලි මහත්මිය  (9) නියෝග කළාය.

මෙම සිද්ධිය පිටුපස සිටින්නේ තම සේවාදායකයා නොව හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ දියණිය වන චතුරිකා සිරිසේනගේ ආරක්ෂක නිලධාරියකු බව සැකකරු වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරයා අධිකරණයේදී ප්‍රකාශ කළ අවස්ථාවේදී මෙලෙස නියෝග කරන ලදි.

ලංකා ගමනාගමන මණ්ඩලයේ සේවකයකු වන ගුණසිරිලාල් නමැති සැකකරුවකු සම්බන්ධව නඩුවක් අධිකරණය හමුවේ නැවත කැඳවූ අවස්ථාවේදී සැකකරු වෙනුවෙන් පෙනී සිටි නීතිඥ හරිස්ක සමරනායක මහතා අධිකරණයට මේ බව දැනුම් දුන්නේය.

තම සේවාදායකයාට එරෙහිව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණය හමුවේ නඩු පවරා ඇතත් සැබවින්ම මෙම සිද්ධිය පිටුපස සිටින ආරක්ෂකයා අත්අඩංගුවට ගැනීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අපොහොසත්ව ඇති බවද නීතිඥවරයා අධිකරණයට දැන්වීය.

මෙම සිද්ධියේ සැකකරු තම සේවාදායකයා වන ගුණසිරිලාල් නමැත්තා එම ආරක්ෂක නිලධාරියාගේ හිතවතෙකු බවත් කොළඹ වරායේ තිබෙන නිෂ්කාශනය නොකළ වාහන අටක් පිළිබඳව ඡායාරූප සමඟ තොරතුරු තම සේවාදායකයාට ලබා දී ඇත්තේ එම ආරක්ෂක නිලධාරියා බවද නීතිඥවරයා අධිකරණය හමුවේ පැවසීය.

එම ආරක්ෂක නිලධාරියා විසින් ලබා දුන් ඡායාරූප අටක් තම සේවාදායකයා දන්නා හඳුනන වැලිමඩ ප්‍රදේශයේ පදිංචි පැමිණිලිකාර සම්සුදීන් නමැති අයට යවා ඇති බවද ඒ අනුව පැමිණිලිකරු විසින් එම වාහනයක් ගැනීම සඳහා සැකකරුවන් කිහිපදෙනෙකුගේ ගිණුම්වලට රුපියල් 2,7660000ක මුදල් බැර කර ඇති බවද නීතිඥවරයා අධිකරණයට දැන්වීය.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් තවත් සැකකරුවකු අත්අඩංගුවට ගැනීම සඳහා විමර්ශන සිදු කරන බවද පැමිණිල්ල මෙහෙයවන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මෙහිදී අධිකරණය හමුවේ පැවසීය.

සැකකරු වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරයා හා පැමිණිල්ල මෙහෙයවූ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණය හමුවේ දැක්වූ කරුණු සලකා බැලූ මහේස්ත්‍රාත්වරිය මෙම සිද්ධියට සම්බන්ධ සියලු සැකකරුවන් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙසද නියෝග කළේය.

කෙසේ වෙතත් මේ ගැන හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසන්නේ තම ආරක්ෂක ඒකකයෙහි මේ වන විට සේවයේ නිරත නොවන පොලිස් නිලධාරියකු දැනටත් හිටපු ජනාධිපතිවරයාගේ ආරක්ෂක ඒකකයේ සේවයේ නියුතු බව ඒත්තු ගන්වමින් පලවන වාර්තා ප‍්‍රතික්‍ෂෙප කරන බවයි.

ඒ බව සදහන් කරමින් ඔහු විසින් නිකුත් කර ඇති නිවේදනය මෙසේය.
gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka