gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka

රනිල්ගේ සිලින්ඩරේට ඇඩ්‍රස් නෑ! රනිල්ගේ ක්ලාස්මේට් දිනේෂුත් සිලින්ඩරෙන් ගැලවෙයි! ආයෙ සිලින්ඩරෙන් ඡන්දෙ ඉල්ලන්නේ නෑ කියයි!

මහජන එක්සත් පෙරමුණ එළඹෙන පළාත් පාලන හා පළාත් සභා මැතිවරණ සඳහා ගෑස් සිලින්ඩරය සමඟ එක්ව කටයුතු නොකරන බවට ම.එ.පෙ. තීරණය කර ඇත.
ම.එ.පෙ. විසින් ගෑස් සිලින්ඩරය වෙත යවන ලද ලිපියේ ;”… ගෑස් සිලින්ඩරය (නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණ) 2024 පාර්ලිමේන්තු මැතිවරණය පිළිබඳව එළඹි තීරණ, එකඟතා හා විශ්වාස, උල්ලංඝනය කර ඇති අතර, ඔබ විසින් වලංගු නොවන තීරණයන් මැතිවරණ කොමිසම වෙත දන්වා යැවීම සම්බන්ධයෙන් මහජන එක්සත් පෙරමුණ දැඩි අප්‍රසාදය සහ පිළිකුල ප්‍රකාශ කර සිටී … එබැවින් මහජන එක්සත් පෙරමුණ මැතිවරණ තරඟ කිරීමට අදාලව ගෑස් සිලින්ඩරය (නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණ) සමඟ කටයුතු කිරීමට නොහැකි තත්ත්වයක් උදා වී ඇති බව අවධාරණයෙන් දන්වා සිටී …” යනුවෙන් සදහන්ව ඇත.

ම.එ.පෙ. පළාත් පාලන හා පළාත් සභා මැතිවරණ සඳහා මිත්‍ර කොටස් සමඟ තරඟ කිරීම පිළිබඳ සාකච්ඡා ආරම්භ කර ඇති බවත් එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන් කරයි.
gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka