gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka gossip lanka

රමාල් ඉල්ලා අස්වුනේ ඇමති එක්ක වැඩ කරන්න බැරි නිසා ද?!

ජාතික ජන බලවේගය රජය බලයට පත් කිරීම සඳහා දැඩි කැපකිරීමක් කළ පරිචයක් සහිත ආයතන පරිපාලකයෙක් වූ රමාල් සිරිවර්ධන ලංගම සභාපති ධූරයෙන් ඉවත් වී ඇත්තේ ප්‍රවාහන අමාත්‍යවරයා ගේ අත්තනෝමතික   හැසිරීම හේතුවෙන් බව අභ්‍යන්තර ආරංචි මාර්ග හෙළිදරවු කරයි.
ඔහු ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ සභාපතිවරයා ලෙස අවස්ථා තුනකදී කටයුතු කළේය.


කෙසේ වෙතත්  ප්‍රවාහන හා මහාමාර්ග නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය ප්‍රසන්න ගුණසේන  පැවසුවේ පෞද්ගලික හේතුවක් මත රමාල් සිරිවර්ධන සිය ඉල්ලා අස්වීම භාර දුන් බවය.

වත්මන් රජය බලයට පත් වීමෙන් අනතුරුව තනතුරින් ඉවත් වූ දෙවැනි පුද්ගලයා වන්නේ රමාල් සිරිවර්ධනය.

මින් පෙර ජාතික රූපවාහිනී සංස්ථාවේ සභාපති සෙනේෂ් බන්ණ්ඩාර දිසානායක සිය ධූරයෙන් ඉල්ලා අස්වූයේය. ඔහු ප්‍රකාශ කළේ ඔහු ධූරය භාරගත්තේ මාස තුනක් සඳහා බවය.

කෙසේ වෙතත් ජාතික රූපවාහිනියේ අභ්‍යන්තර ආරංචි මාර්ග පවසන්නේ මේ ඉවත්වී යෑමට හේතුව ජනමාධ්‍ය ඇමතිවරයාගේ හැසිරීම පිළිබඳව සෙනේෂ් බණ්ඩාර දිසානායක තුළ ඇති වූ කලකිරීමක් බවය.
-lankasara
gossip lanka

Lanka Hot News Advertising

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka