gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka

ඔය තරම් ලොකු ගෙයක් දෙන්න බෑ... යන්න තැනක් නැතිම නම් වෙන ගෙයක් දෙන්නම් - මහින්දට ජනපති දන්වයි

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට පදිංචි වීමට වෙනත් නිවසක් නොමැති නම් ඔහුට සුදුසු නිවසක් රජයෙන් ලබා දෙන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පවසයි.

තඹුත්තේගම ප්‍රදේශයේ පැවති රැස්වීමක් අමතමින් ජනාධිපතිවරයා ප‍්‍රශ්ණ කලේ තමන් ඇතුළු අමාත්‍යවරුන් මන්දිරවලට ගොස් නොමැති බවත් හිටපු ජනාධිපතිවරුන්ට වෙනස් විය නොහැක්කේ මන්දැයි කියාය.

‘බදු ගෙවන්නන්ගේ සල්ලි දීලා මහගෙදරක ඉන්න එක සාධාරණ නැහැ. ජනාධිපති, ඇමැතිවරු වෙනස් වුණා නම් ඇයි වෙනස් වෙන්න බැරි. දෙන්නට යන්න තැනක් නැත්නම් අපි දෙන්නම්ග පදිංචියට සුදුසු නිවසක්. ඔවුන් පදිංචිව සිටින මන්දිරය විශාල වැඩියි.

එළියට යන්න කිව්වම කියනවා දේශපාලන පළිගැනීම් කියලා. අපි කාගෙන්වත් පලි ගන්නේ නැහැ.

අපි රට අලුත් මගකට ගෙනියනවා. ඔවුන් කියන්න කලින් යන්න ඕන. අපි ඔවුන්ගෙන් ඉල්ලනවා අපි බදු ගෙවන්නන්ගේ මුදල් වියදම් කිරීමට පෙර දෙවරක් සිතිය යුතුයි’


gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka