සමූපකාර චන්දයක ප්‍රතිඵලයෙන් ජන මතය මැනිය නොහැකි බව විදේශ කටයුතු හා සංචාරක අමාත්‍ය විජිත හේරත් මහතා සඳහන් කරයි.
ආසන්න කාලසීමාවේදී සමුපකාර නිලවරණ කිහිපයක් තමන්ට සහය දෙන කණ්ඩායම් පරාජයට පත් වුවද ඊට වඩා බොහෝ වැඩි ප්‍රමාණයක් ජයග්‍රහණය කර ඇති බවත් ඔහු කියා සිටී.
එම සුළු ප්‍රමාණය පැරදුණා යනු ජනමතය වෙනස්වීමක් නොවන බවද පවසන ඔහු විපක්ෂය විසින් දිනාගන්නා ලද සුළු සමුපකාර නිපවරණ ප්‍රමාණය විශාල ලෙස උලුප්පා දක්වමින් සිටීම සිටින බවද ඔහු කියා සිටියේය.
සමූපකාර නිලවරණයක් පරාජය වීම වත්මන් ආණ්ඩුව ගැන කලකිරීමක් හෝ වර්තමාන්න ආණ්ඩුවට ඇති ජනමතය වෙනස්වීමක් ලෙස සැලකිය නොහැකි බවත් ඔහු තවදුරටත් කියා සිටියේ දෙරණ නාලිකාව පැවති වැඩසටහනකට එක්වෙමිනි.