මෙතෙක් ඉන්ධන සඳහා පැවති බදු සංශෝධනය නොකර එම මට්ටමේම පවත්වා ගැනීම සදහා ගැසට් නිවේදනයක් නිකුත් කර ඇත.
2024 ජනවාරි මස 01 වැනිදා සිට පෙට්‍රල් ලීටරයකට රුපියල් 72ක්, සුපිරි ඩීසල් ලීටරයකට රුපියල් 57 ක් සහ ඔටෝ ඩීසල් ලීටරයකට රුපියල් 50 ක් ලෙස පනවන ලද බද්ද තවදුරටත් වෙනසකින් තොරව පවත්වාගෙන යන බව ගැසට් නිවේදනයේ සඳහන්ය.