වැලිකඩ බන්ධනාගාරයේ රඳවා සිටියදී හදිසියේ ඇති වූ අසනීප තත්ත්වයක් මත කොළඹ ජාතික රෝහලට යොමු කරන ලද හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වා නැවතත් බන්ධනාගාර රෝහල වෙත යොමු කර තිබේ.
ජාතික රෝහලෙන් මුදා හැරීමෙන් පසු බන්ධනාගාර වෛද්‍යවරුන් නිර්දේශ කර ඇත්තේ දුමින්ද සිල්වා බන්ධනාගාර රෝහලේ රැඳවිය යුතු බවටයි.
කෙසේ වෙතත් බන්ධනාගාර රෝහලේ සිටියදී ඔහු සම්බන්ධයෙන් කරන අද විශේෂඥ වෛද්‍ය නිර්දේශයන් මත බන්ධනාගාරයේ සාමාන්‍ය වාට්ටුවකට පසුගිය දහවෙනිදා දුමින්ද සිල්වා ඇතුළත් කරන ලදී.
නමුත් ඔහුට එහිදී ඇති වූ අසාධ්‍ය රෝගී තත්වයක් මත කොළඹ ජාතික රෝහලට ඇතුළු කරන ලදී.
