gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka

2023 දි ජනාධිපති ලේකම් කාර්යාලය වාර්ෂික වියදම් ඇස්තමේන්තුවට පිටින් කෝටි 80ක් වැඩිපුර අරන්… විගණනය හෙළි කරයි!

ජනාධිපති ලේකම් කාර්යාලය විසින් (2023) වර්ෂයේ දී වැය විෂයයන් හයක් සඳහා වාර්ෂික ඇස්තමේන්තු ප්‍රතිපාදනයන්ට අමතරව අතිරික්ත වැය විෂයන්ගෙන් හා පරිපුරක ඇස්තමේන්තු මගින් රුපියල් අසු කෝටි, පහළොස් ලක්ෂයක් (801,500,000) එනම් සියයට 49 සිට සියයට 3648 දක්වා පරාසයකින් ප්‍රතිපාදන වැඩිකරගෙන ඇති බැව් ජාතික විගණන කාර්යාලය මගින් නිකුත්කොට ඇති විගණන වාර්තාවක සඳහන් වේ.

අපේක්ෂිත විදේශ සංචාරයන්ට වඩා රාජතාන්ත්‍රික මට්ටමින් සමුළු සම්මන්ත්‍රණ සඳහා ආරාධනා ලැබිම, ඉන්ධන හා විදුලි ජලබිල්පත් ඉහළයාම, පසුගිය වර්ෂවල හිඟ ගෙවල් කුලී නිරවුල් කිරීම ආදි හේතු නිසා ඇස්තමේන්තුගත ප්‍රතිපාදන ප්‍රමාණවත් නොවු බැවින් අතිරික්ත වැය විෂයන්ගෙන් හා පරිපුරක ඇස්තමේන්තු මගින් ප්‍රතිපාදන වැඩිකරගෙන ඇති බැව් ජනාධිපති කාර්යාලයේ ගණන්දිමේ නිලධාරිවරයා විගණනයට සඳහන් කොට ඇත.

අවශ්‍යතාවයන් හඳුනාගෙන වාර්ෂික සැලසුම් හා ඇස්තමේන්තු සකස්කළ යුතු බැව් විගණනය මගින් නිර්දේශකොට ඇත.

මෙම තොරතුරු අනාවරණය වන්නේ ජනාධිපති කාර්යාලය සම්බන්දයෙන් 2023 වර්ෂයට අදාළව නිකුත්කොට ඇති විගණන වාර්තාවෙන්ය.
-ලලිත් චාමින්ද
-lankasara
gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka