gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

දකුණු ආසියාවේ විශාලතම දූෂණයට අදාල දත්ත සියල්ල මකා දමලා.. රස පරීක්ෂක දෙපාර්තමේන්තුව අමාරුවක!

නියෝජ්‍ය සොලිස්ටර් ජනරාල් මාධව තෙන්නකෝන් මහතා අධිකරණයට දැනුම් දී ඇත්තේ රජයේ රස පරීක්ෂක දෙපාර්තමේන්තුවේ මධ්‍ය ගබඩාව මාස හතරක් තිස්සේ අක්‍රියව පවතින බැවින් එක්ස්ප්‍රස් පර්ල් නෞකාවේ තොරතුරු ඇතුලත් දත්ත පද්ධතිය හා ඊමේල් හිතාමතා මකා දමා ඇත්තේ කවුරුන්ද යන්න පිළිබඳව විශේෂඥ වාර්තාව ලබාදීමට කල්ගතවන බවයි.

ඊයේ (3) දිනයේ සොලිස්ටර් ජනරාල් වරයා කොළඹ අතිරේක මහේස්ත්‍රාත් කේමින්ද පෙරේරා මහතා වෙත වැඩිදුරටත් දැනුම්දී ඇත්තේ රජයේ රස පරීක්ෂක දෙපාර්තමේන්තුවේ මධ්‍යම තොරතුරු ගබඩාව යළි ප්‍රතිස්ථාපනය කිරීමට අවම වශයෙන් තවත් මාස තුනක පමණ කාලයක් ගතවනු ඇති බවයි.

එමෙන්ම අක්‍රියව පවතින මෙම පරිගණක දත්ත ගබඩාව යළි ප්‍රතිස්ථාපනය කිරීමට රුපියල් එක්කෝටි විසි එක් ලක්ෂයකට අධික මුදලක් වැය වෙන බවත් ලෝකයේ හා දකුණු ආසියාවේ දරුණුතම හා විශාලතම සමුද්‍ර දූෂණය සිදුකරමින් මෙරට මුහුදේ 2021 05 19 දින ගිනිගැනීමට ලක්වූ එක්ප්‍ර්ස් පර්ල් නැවේ දත්ත පද්ධතිය හා ඊමේල් පණිවුඩ විශාල ප්‍රමාණයක් නැව ගිනිගැනීමෙන් පසුව හිතා මතාම මකා දමා ඇති බව නියෝජ්‍ය සොලිස්ටර් ජනරාල්වරයා වැඩිදුරටත් අධිකරණය වෙත දැනුම් දී තිබේ.


gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka