“පාස්කු ප්‍රහාරය සම්බන්ධ තොරතුරු රැසක් මගේ ගාව තියනවා” - ෂානක්කියන් රාසමාණික්කම්
මරාගෙන මැරෙන පාස්කු ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධ තොරතුරු තමා ළඟත් තිබෙන බව මඩකලපුව දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ෂානක්කියන් රාසමාණික්කම් අද (04) දින පාර්ලිමේන්තුවේදී සදහන් කරයි.
පාස්කු ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධ තොරතුරු ලබාදීමට තමාට අවස්ථාවක් ලබාදෙන ලෙසත් එලෙස අවස්ථාවක් දෙනවා නම් අදාළ සාක්ෂි ලබාගත හැකි කණ්ඩායම් සම්බන්ධ කර දිය හැකි බවද මන්ත්‍රී ෂානක්කියන් රාසමාණික්කම් සදහන් කරයි.
මන්ත්‍රී ෂානක්කියන් රාසමාණික්කම් සදහන් කළේ,
“පාස්කු ප්‍රහාරය සම්බන්ධව කටයුතු කිරීමට ආණ්ඩුවට විශාල වගකීමක් තිබෙනවා. පාස්කු ප්‍රහාරය සම්බන්ධ තොරතුරු අප ළඟ තිබෙනවා. අපටත් අවස්ථාවක් දෙන්න. සාක්ෂි ගන්න පුළුවන් කණ්ඩායම් අප සම්බන්ධ කරලා දෙන්නම්.”
“පාස්කු ප්‍රහාරය සම්බන්ධ තොරතුරු රැසක් මගේ ගාව තියනවා” - ෂානක්කියන් රාසමාණික්කම්
2024-12-04T13:43:00+05:30
Gossip Lanka Hot News






