gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

සොරකම් කල ධනය අත්පත් කරගන්නා පනත පාර්ලිමේන්තුවට!

සොරාගත් වත්කම් අයකර ගැනීම, මුදල් විශුද්ධිකරණය, මත්ද්‍රව්‍ය ජාවාරම් සහ ඒ ආශ්‍රිත දුරාචාර වැලැක්වීම අරමුණු කරගත් පනත් කෙටුම්පත් තුනක් මේ වසරේ මුල් කාර්තුව තුළ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට රජය සැලසුම් කර ඇතැයි අධිකරණ අමාත්‍ය හර්ෂණ නානායක්කාර මහතා පවසයි.

ජනාධිපතිවරයා විසින් ඉදිරිපත් කරන ලද රජයේ ප්‍රතිපත්ති ප්‍රකාශය පිළිබඳ කල් තැබීමේ විවාදයට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව පැවසුවේය.

මෙම පනත් කෙටුම්පත් තුන ඉදිරිපත් කිරීමේ අදහස වන්නේ සොරකම් කළ වත්කම් නැවත අයකර ගැනීම, අපරාධවලින් ලැබෙන මුදල් සොයා ගැනීම සහ මුදල් විශුද්ධිකරණය, මත්ද්‍රව්‍ය ජාවාරම් සහ ඒ හා සම්බන්ධ සියලු කටයුතු මැඩලීමයි.

ඒ හරහා ණයහිමියන්ගේ විශ්වාසය වැඩි දියුණු වෙනු ඇති බවත් ණය ගැතියන්ගේ අයිතිවාසිකම් ආරක්ෂා කරනු ඇති බවත් අමාත්‍යවරයා පැවසීය.


gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka