බිංගිරිය ප්‍රදේශයේ ඇඟලුම් කර්මාන්ත ශාලාවකට ගිය අවස්ථාවේ පහර දීමට පැමිණියේ කප්පම් මුදල් සමග කටයුතු කරන පිරිසක් බව ජාතික ජන බලවේග පාර්ලිමේන්තු මන්ත්‍රී විජේසිරි බස්නායක මහතා සඳහන් කරයි.
අදාළ සිදුවීම සම්බන්ධයෙන් වීඩියෝවක් නිකුත් කරමින් ඔහු මෙම අදහස් පල කර තිබේ.
“මමත් මගේ පිරිස සමගින් එළියට යෑමට යන විට අපේ වාහනයත් වට කරගෙන අපේ වාහනයටත් ප්‍රහාර එල්ල කරමින්, පරුෂ වචනයෙන් බැන වඳිමින් අපි ගිය කාර්යයට බාධා කරමින් ඔවුන් හැසිරුණා. මෙහිදී අපි සිටි වාහනයේ එක් ෂටර් එකක් ඇරලා එක් පුද්ගලයෙක් මට ප්‍රහාරයක් එල්ල කළා, මගේ කමිසයෙන් ඇඳලා එළියට ගන්න හැඳුවා.මෙතන දී අපි පසුපසට පැමිණ තත්ත්වය සමනය වෙන තෙක් සිට අපි එළියට පැමිණියා.
විශේෂයෙන් මෙතන සමාගමේ ප්‍රවාහනය ලබා දීම පිළිබඳව ගම්මුන්ගෙන් විශාල පැමිණිලි රාශියක් ලැබිලා තිබ්බා. ඒ අවශ්‍ය සාමය නීතිය රැකීමට අවශ්‍ය කටයුත්ත තමයි අපි සමාගමත් එක්ක සාකච්ඡා කරලා නිවැරදිව විසඳුම් රැගෙන එළියට එන විට මෙම පිරිස කලහකාරී ලෙස අප වෙත පහර දුන්නේ.
මේ පිටුපස අපි දකිනවා පසුගිය කාල පරිච්ඡේදයේ පැරදිච්ච දේශපාලඥයන්ගේ අතකොළු විදියට විශාල මුදලක් සමග ඒ කප්පම් මුදලක් සමග, කොමිස් මුදලක් සමග කටයුතු කරන පිරිසක් ඉන්නවා මෙන්න මේ පිරිස තමයි අපිට එරෙහිව මේ අවස්ථාවේ දී ඉදිරියට පැමිණියේ.”