gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

රවී, ශානි මාලිමාවට ගෙනාවේ ප්‍රබල ආගමික නායකයෙක්.. ඔත්තුව මාලිමා ඇමතිගෙන්!

රවි සෙනෙවිරත්න සහ ශානි අබේසේකර යන හිටපු පොලිස් නිලධාරීන් දෙදෙනා පළමුව සම්බන්ධ වීමට උත්සහ දැරුවේ සමගි ජන බලවේගයට බවත් එය මෙරට ප්‍රබල ආගමික නායකයකුගේ මැදිහත්වීම මත සිදුවූවක් වුවද සමගි ජන බලවේගයේ ප්‍රබලයකු වූ සුජීව සේනසිංහ මහතාගේ බරපතල විරෝධය හමුවේ එම උත්සාහය ව්‍යර්ථ වූ බව පිවිතුරු හෙළ උරුමය නායක නීතිඥ උදය ගම්මන්පිල මහතා පවසයි.

ඉන් අනතුරුව මෙම විශ්‍රාමික පොලිස් නිලධාරීන් දෙදෙනා ඉහත ආගමික නායකයාගේ මැදිහත්වීම මතම ජාතික ජන බලවේගය හා එක් වූ බව ගම්මන්පිල මහතා වැඩිදුරටත් ප්‍රකාශ කර සිටියේය.

නීතිඥ උදය ගම්මන්පිල මහතා මේ කරුණු අනාවරණය කරේ (30) හිරු නාලිකාවේ සලකුණ වැඩසටහන හා එක් වෙමිනි. එහිදී ඔහු තවත් ප්‍රබල අනාවරණයක් සිදු කළේය.

රවි සෙනෙවිරත්න සහ ශානි අබේසේකර විශ්‍රාමික පොලිස් නිලධාරීන්ට පාස්කු ප්‍රහාරය වලක්වා නොගැනීම සම්බන්ධයෙන් චෝදනා එල්ලවූ අවස්ථාවේ ඔවුන් රැකගත් ආකාරයට ජනතා විමුක්ති පෙරමුණේ ‍ප්‍රබල ක්‍රියාකාරී සාමාජිකයෙකු වූ අශෝක රන්වල මහතා කථානායක ධූරයට පත්වීමෙන් පසුව ඇති වූ ආචාර්ය උපාධි ගැටළුවේදී ඔහුව රැක ගැනීමට මාලිමා ආණ්ඩුව කටයුතු යි නොකළ බව නීතිඥ උදය ගම්මන්පිල මහතා මෙහිදී පෙන්වා දුන්නේය.

අශෝක රන්වල පිළිබඳව ජනතා විමුක්ති පෙරමුණට තීන්දු තීරණ ගැනීමට බලය සහ හැකියාව පැවතිය ද රවී සහ ශානි යනු ජනතා විමුක්ති පෙරමුණේ හෝ ජාතික ජන බලවේගයේ සාමාජිකයන් නොව ප්‍රබලතම ආගමික නායකයෙකුගේ අවශ්‍යතාවයට ජාතික ජන බලවේගය හා සම්බන්ධ කරගත් පුද්ගලයන් නිසා කොමිෂන් සභා වාර්තාවකින් පවා චූදිතයන් කර තිබියද ඔවුන් ට එරෙහිව කටයුතු කිරීමේ හැකියාව ජාතික ජන බලවේග ආණ්ඩුවට නොතිබෙන බව මන්ත්‍රීවරයා සඳහන් කර සිටියේය.

තමන්ට මේ සම්බන්ධයෙන් තොරතුරු ලබා දුන්නේ වත්මන් මාලිමා ආණ්ඩුවේ ජ්‍යෙෂ්ඨතම කැබිනට අමාත්‍යවරයෙක් බවද ගම්මන්පිල මහතා ප්‍රකාශ කර සිටියේය.

මීට අමතරව පසුගිය මැතිවරණ වල දී සිදුවුණු විදෙස් මැදිහත්වීම් සහ සහල් මිල පාලනයට ආණ්ඩුව අසමත් වීමට සැබෑ හේතු වැනි වත්මන් දේශපාලනයේ තිරයෙන් පිටුපස සැඟවුණු රහස් රැසක් පිළිබඳව ගම්මන්පිල මහතා මෙම වැඩසටහන තුලදී අදහස් දැක්වීය.
gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka