කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අනතුරු ඇඟවීමේ නිවේදනයක් නිකුත් කරමින් සදහන් කළේ, ගිනිකොනදිග බෙංගාල බොක්ක ගැඹුරු මුහුදු ප්‍රදේශයේ යාත්‍රා කරන බහුදින ධීවර සහ නාවික යාත්‍රා සැලකිලිමත්වන ලෙසයි.
බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ පවතින අඩු පීඩන කලාපය ඉදිරි පැය 24 තුළ බටහිර – වයඹ දෙසට ගමන් කිරීමට ඉඩ ඇති බවත් එය දෙසැම්බර් (11) වනදා පමණ ශ්‍රී ලංකා – තමිල්නාඩු වෙරළට ඔබ්බෙන් නිරිත දිග බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයට ළඟා වීමට ඉඩ ඇති බවද සදහන් කරයි.
එම මුහුදු ප්‍රදේශවල පැ.කි.මී. 60ක තාවකාලික තද සුළං හා තද වැසි පැවතිය හැකි බවත් එම මුහුදු ප්‍රදේශ ඉතා රළු විය හැකි බවද කාලගුණ විද්‍යා දෙපාර්තමේතුව සදහන් කරයි.
එනිසා දෙපාර්තමේන්තුව මගින් මේ සම්බන්ධව නිකුත් කරන ඉදිරි නිවේදන පිළිබඳව සිය අවධානය යොමු කරන ලෙසද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ධීවර හා නාවික ප්‍රජාවට දැනුම්දීමක් කර ඇත.