gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

විපක්ෂ නායකගේ පුටුවේ බලෙන් වාඩිවුණු අර්චුනා මතකද? අදත් විපක්ෂ නායක කාර්යාලයට ගිහින් මහා කලබලයක්! මන්ත්‍රී සුජිත් කියන විදියට මෙයාට මානසික ප්‍රශ්නයක්ද? (video)

අද පාර්ලිමේන්තුවේ විපක්ෂ නායක කාර්යාල පරිශ්‍රයේදී තමන්ට පහරදීමක් සිදුකළ බව යාපනය දිස්ත්‍රික් ස්වාධීන පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය රාමනාදන් අර්චුනා මහතා පවසයි. පාර්ලිමේන්තුවේදී හෙතෙම කියා සිටියේ සුජිත් සංජය නමැති පුද්ගලයෙක් තමන්ට පහරදුන් බවයි.

පාර්ලිමේන්තුවේ තමනට කතා කිරීමට ඇති වේලාව දැනගැනීමට විපක්ෂ නායක කාර්යාලයට ගිය බවත් එහි සිටි නිලධාරීන් වෙනත් කාමරයකට තමා රැගෙන ගිය බවත් පවසූ ඔහු මෙසේද කීය .

‘මං ඇහුවා ඒ පිළිවෙල ඕගොල්ලෝ කොහොමද හදන්නේ කියලා. එතකොට සුජිත් කියලා පුද්ගලයාටයි තව කෙනෙකුටයි ගිහින් කතා කරන්න කිව්වා. ඒගොල්ලෝ තමයි තීරණය කරන්නේ කියලා කිව්වා.

එතකොට මං කිව්වා ඒගොල්ලොන්ට තනි තීරණයක් ගන්න බැහැග පක්ෂ නායකයෙක් විදියට මට ඒකට උත්තර දෙන්න ඕනේ කියලා. එතකොට සුජිත් කියන පුද්ගලයා මට ගැහුවා’

කෙසේ වෙතත් මෙම චෝදනාව ප‍්‍රතික්‍ෂෙප කරමින් සමගි ජන බලවේග පාර්ලිමේන්තු මන්ත්‍රී සුජිත් සංජය පෙරේරා මහතා කථානායකවරයා වෙත පැමිණිලි කරමින් පවසා ඇත්තේ එම මන්ත්‍රීවරයාට පහර දුන් බවට ගෙනයන ප්‍රචාරය අසත්‍ය එකක් බවයි.


gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka