කෘෂිකර්ම දෙපාර්තමේන්තුව විසින් රජයට ඉදිරිපත් කරන දත්ත වාර්තා මුළුමනින්ම අසත්‍ය බවත් භූමියේ දත්ත වාර්තා අනුව මේ වනවිට නාඩු සහල් කිලෝ ලක්ෂ 08ක් නොව, ලක්ෂ 18ක අතිරික්තයෙක් රට තුළ තිබිය යුතු නමුත් ඉන් අති විශාල කොටසක් සහල් ව්‍යාපාරයේ සිටින ප්‍රධානම පුද්ගලයින් කීප දෙනෙක් නීතිය ට වංගු දමා බියර් නිශ්පාදනය සඳහා වැඩි මිලට විකුණා ඇති බවත් ලංකාවේ ප්‍රමුඛතම සහල් මෝල් හිමියෙක්වන ඩඩ්ලි සිරිසේන හෙළි කළේය.
හිරු සලකුණ රූපවාහිනී වැඩසටහනට එක් වෙමින් ඩඩ්ලි සිරිසේන හෙළිදරවු කරනු ලැබුවේ වෙළෙඳපලේ මිලට වඩා ඉතා විශාල මිලකට බියර් කොම්පැනි කාරයින් විසින් සංඛ්‍යලේඛණවල පෙන්වන අතිරික්ත වී තොගය සහල් කර මේ වනවිට අලෙවි කර අවසන් බවය. එමෙන්ම සත්ත්ව ආහාර ලෙස ප්‍රධාන වශයෙන් කුකුළු කෑමටත් සහල් පිටි කර අලෙවි කරන ව්‍යාපාරවලට සහල් පිටි කිරීම සඳහාත් සංචිතයක් සේ පෙන්වන සහල් වලින් සැලකිය යුතු ප්‍රතිශයත් මේ වනවිට අලෙවි කර අවසන් බව ඔහු පැවසුවේය.
සත්ව ආහාර සඳහා අවශ්‍ය දේශීය බඩඉරිඟු නිෂ්පාදනය පහත වැටීම හා බඩඉරිඟු ආනයනයට මුදල් නොමැතිවීම හේතුවෙන් කිරි, බිත්තර හා කුකුළු මස් නිෂ්පාදනය පහත වැටීම වළක්වා ගැනීම සඳහා සත්ව ආහාර නිෂ්පාදනයට සහල් යොදා ගැනීමට පසුගිය රජය තීරණය කරනු ලැබීය. ඒ අනුව සත්ත්ව අහාර සඳහා ද සැලකිය යුතු ප්‍රමාණයක් සහල් නිශ්පාදනයක් වැය වී ඇත.
සමස්ථ අතිරික්ත තොගයම (කිලෝ ලක්ෂ 18 ම) බියර් හදන්න නෙමෙයි වැය වුනේ. බිත්තරවලට සහ මසට හදන කුකුළන්ට අවශ්‍ය කුකුළු කෑම සහල් පිටි හදන ව්‍යාපාරයට අවශ්‍ය සහල් මේ වැය වුන අතිරික්තය අතර තියෙනව. බියර්වලට ගන්නෙ කැකුළු හාල්. ඉස්සර ගත්තේ කැඩුණු සහල්. ඒ කියන්නේ සුනු සහල්. දැන් ගන්නේ ගන්නේ නාඩු. මේකෙ නරකම දේ තමයි බියර් හදන්න ගන්න වෙළෙන්දා, කුකුල් කෑම හදන්න ගන්න වෙළෙන්දා හාල් පිටි කොටන්න ගන්න වෙළෙන්දා වෙළෙඳපලේ මිලට නෙමෙයි ඊට උස්සලා තමයි ගන්නේ. එතකොට මේ මිල මෙතෙන්ට එන්නේ.