gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

පොලිස් පොඩ්ඩෝ සිස්ටම් චේන්ජ් ඉල්ලයි.. ලොක්කන්ට තුටු පඬුරු එපා කියයි!

උතුරු පළාත් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති තිලක්. සී. ඒ. ධනපාල මහතාගේ මහතාගේ අත්සනින් යුත් ලිපියක සඳහන් කර ඇත්තේ නව වසර උදාව සිංහල හා හින්දු අලුත් අවුරුද්ද වැනි විශේෂ අවස්ථා වලදී ඇතැම් පොලිස් නිලධාරීන් ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරීන් වෙත තුටු පඬුරු (hampers) ලබාදීමේ ක්‍රම වේදයෙන් බැහැර වන ලෙසයි.

උතුරු පළාත ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයාගේ ලිපියේ වැඩිදුරටත් සඳහන් වන්නේ මින් ඉදිරියට එවැනි අවස්ථා වල හෝ වෙනත් කිසිදු අවස්ථාවක තමා ඇතුළු උතුරු පළාතේ කිසිදු ජ්‍යෙෂ්ඨ නිලධාරීයකුට තුටු පඬුරු ලබාදීව සිදු නොකරන ලෙසයි.

එමෙන්ම නව වසර උදාවන දිනයේදී කිසිදු නිලධාරියකු පුද්ගලිකව තමා හමුවීමට පැමිණ සුඛ පැතීම අවශ්‍ය නොවන අතර සුබ පැතීමට අවශ්‍ය වන්නේ නම් ඒ සඳහා දුරකථන ඇමතුමක් ලබාදීම හෝ වට්ස්ඇප් මගින් කෙටි පණිවිඩයක් යොමු කිරීම ප්‍රමාණවත් බවද ඔහු පවසයි.

මෙම උතුරු පළාත් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයාගේ අදහස අනෙකුත් පළාත්වල ද ක්‍රියාත්මක කරන ලෙස කනිෂ්ඨ පොලිස් නිලධාරීහු ඉල්ලා සිටිති.

කනිෂ්ඨ නිලධාරීහු වැඩිදුරටත් පෙන්වා දෙන්නේ, උතුරු පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයාගේ එම අදහස දිවයිනේ සියලුම ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරුන් අනුගමනය කරන්නේ නම් තමන්ට මහත් සැනසිල්ලක් බවත්, අල්ලස් ලබා ගැනීමේ චෝදනාවට ලක් නොවී රැකියාවේ සුරක්ෂිත භාවය ද ආරක්ෂා වීමට හේතුවන බවත් ය.
gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka