මැති ඇමැතිවරුන්ගේ ආරක්ෂාව පිළිබඳ ආරක්ෂක තක්සේරුවක් මේ දිනවල පොලිසිය විසින් සිදුකරන බව පොලිස් මූලස්ථාන ආරංචි මාර්ග උපුටා දක්වමින් ‘දිනමිණ’ අනාවරණය කරයි.
ඒ අනුව, බුද්ධි අංශවල ද දායකත්වය ලබාගනිමින් සිදුකරනු ලබන මෙම තක්සේරුවේදී තර්ජනයට ලක්වන මැති ඇමැතිවරු කිහිපදෙනකු හඳුනාගෙන තිබීම ද විශේෂිතය.
ඇමැතිවරු තර්ජනයට ලක්වන්නේ, ඔවුන් ඇමැතිවරු වීම නිසා බව ද මේ වන විට සිදුකරනු ලබන ආරක්ෂක තක්සේරුවෙන් පෙනීගොස් තිබේ.
එසේ නොමැතිව පුද්ගලයන් ලෙස එකී ඇමැතිවරු තර්ජනයට ලක්නොවන බව ද බුද්ධි අංශ මඟින් සිදුකරන ආරක්ෂක තක්සේරුවෙන් පෙනීගොස් ඇත.
ඉදිරියේදී මෙම ආරක්ෂක තක්සේරුව අනුව ආරක්ෂාව ලබාදිය යුතු මැති ඇමැතිවරුන්ගේ ආරක්ෂාව සම්බන්ධයෙන් නිසි ක්‍රියාමාර්ග බලධාරීන් විසින් ගනුඇතැයි උසස් පොලිස් නිලධාරියෙක් පැවසීය.