මෙන්ඩිස් සමාගම වටලයි.. මුද්‍රා තබා අවසන් කටයුතු සිදුකරයි
ඊයේ (05) දින සුරාබදු දෙපාර්තමේන්තුවේ ජාඇළ සහ ගම්පහ සුරාබදු අධිකාරීවරුන් හා නිලධාරීන් කණ්ඩායමක් විසින් ඩබ්ලිව්. එම්. මෙන්ඩිස් සහ සමාගමේ නාගොඩ, වැලිසර පිහිටි නිෂ්පාදනාගාරයට මුද්‍රා තැබීය.
ඒ අනුව අද දිනයේ සිට ඩබ්ලිව්. එම්. මෙන්ඩිස් සහ සමාගමේ සියලුම නිෂ්පාදන හා බෙදාහැරීම් කටයුතු සිදුකළ නොහැකි අතර හිඟ බදු ගෙවීම පැහැරහැර තිබෙන මත්පැන් නිෂ්පාදන සමාගම්වල බලපත්‍ර ඉකුත් නොවැම්බර් මස (30) වැනිදා සිට අත්හිටුවීමට රජය ප්‍රතිපත්තිමය තීරණයක් ගෙන තිබුණේය.
මෙන්ඩිස් සමාගම ගෙවිය යුතු සුරාබද්ද හා ඊට අදාළ 3%ක අධිභාරය වන රුපියල් බිලියන 5.7ක මුදල ගෙවීම පැහැර හැරීම හේතුවෙන් සුරාබදු ආඥා පනතේ නෛතික විධිවිධාන ප්‍රකාරව එහි මත්පැන් නිෂ්පාදන බලපත්‍රය ඊයේ (05) සිට අත්හිටුවීමට සුරාබදු කොමසාරිස් ජනරාල්වරයා නියෝග කළේය.
මෙන්ඩිස් සමාගම වටලයි.. මුද්‍රා තබා අවසන් කටයුතු සිදුකරයි
2024-12-06T07:57:00+05:30
Gossip Lanka Hot News





