නිමල් සිරිපාලටත් කෙදිරි ගෑවෙයි.. අයථා වත්කම් පරීක්‍ෂා කරන්නැයි දන්වයි
හිටපු අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතාගේ වත්කම් සම්බන්ධයෙන් පරීක්ෂණයක් කරන ලෙස අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාවට පැමිණිල්ලක් කර ඇත.
හිටපු අමාත්‍යවරයා ආයථා ලෙස වත්කම් උපයා ඇති බව සඳහන් කරමින් විමර්ශනයක් ඉල්ලමින් මෙම පැමිණිල්ල ගොනුකර ඇත්තේ අල්ලස දූෂණය නාස්තියට එරෙහි පුරවැසි බලය සංවිධානය විසිනි.
නිමල් සිරිපාලද සිල්වා මහතා අමාත්‍ය ධුරය දරන කාලය තුළ ඔහුගේ බිරිඳගේ, පෙම්වතියගේ සහ හිතවතුන්ගේ නම් යොදා ගනිමින් විශාල ලෙස අයථා වත්කම් උපයා ඇති බවට අදාළ පැමිණිල්ල මගින් පෙන්වා දී ඇත.
නිමල් සිරිපාලටත් කෙදිරි ගෑවෙයි.. අයථා වත්කම් පරීක්‍ෂා කරන්නැයි දන්වයි
2024-12-06T08:24:00+05:30
Gossip Lanka Hot News






