gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

මේක පිස්සුවක්! ගාලු වරායේ හදන්න යන ‘පෝර්ට් සිටි’ය ආණ්ඩුවෙන් නවත්වයි!

යෝජිත ගාල්ල වරාය නගර සංවර්ධන ව්‍යාපෘතිය යටතේ  සිදුකරණ මුහුදු ගොඩ කිරීම පිළිබඳ සැලැස්ම රජය පිළිනොගන්නා බවත් එම සැලැස්ම ක්‍රියාත්මක නොකරණ බවත්   ධීවර, ජලජ සහ සාගර සම්පත් නියෝජ්‍ය අමාත්‍ය රත්න ගමගේ පවසයි. 

 ගාල්ල ධිවර වරායේ නිරික්ෂණ චාරිකාවකින් පසු  මේ පිළිබද  මාධ්‍යවේදියකු නැගු ප්‍රශ්නයකට පිළිතුරු දෙමින්  නියෝජ්‍ය  ඇමතිවරයා මේ බව සඳහන් කළේය. හෙතෙම මෙසේද කිවේය.

“ගාල්ල වරාය  නගර සංවර්ධන  සැලැසුම පසුගිය රජය කාලයේ මේ පළාතේ හිටපු ඇමතිවරු හදලා තිබුනු එකක්. එම සැලැස්ම අපි පිළිගන්නේ නැහැ. එක අපි හදපු එකක් නෙවෙයි. ගාල්ල වරායේ සිට රූමස්සල දක්වා සංවේදී   ප්‍ර දේශය ගොඩකරන්න තමයි මෙම ව්‍යාපෘතිය හදලා තියෙන්නේ.  මෙක පිස්සුවක්. හිසේ අමාරුවක් වගේ වැඩක්. “

“මේ ව්‍යාපෘතිය සඳහා කොහෙන් හරි මුදල් එන්න ඇති.  මුදල් එන කාලයේ ව්‍යාපෘතිය සැලසුම් කිරීමට  වියදම්කරන්නත් ඇති.  අපේ රජය මගින්   මෙවැනි සැලසුම් පැත්තකට දමනවා.  වරාය නගර සංවර්ධන ව්‍යාපෘති වලින් වු විනාශය අපි දන්නවා.” නියෝජ්‍ය ඇමතිවරයා වැඩිදුරටත් සදහන් කළේය.

යෝජිත ගාල්ල  වරාය සංවර්ධන ව්‍යාපෘතිය යටතේ  සිදුකරණ මුහුද ගොඩකිරිම පිළිබඳ  පරිපුරක  පාරිසරික බලපෑම් ඇගයිමේ වාර්තාව සම්බන්දයෙන්  මහජන  අදහස් විමසිමට වෙරළ සංරක්ෂණ දෙපාර්තමේන්තුව මගින් ආරම්භ කොට තිබුණි.

lankasara


gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka