මට ‘ආචාර්ය’ නාමය දැමූ පුද්ගලයා සොයනු - අධිකරණ ඇමති CID යයි
තමන්ගේ නම ඉදිරියෙන් ‘ආචාර්ය’ නාමය යෙදීම සම්බන්ධයෙන් අධිකරණ අමාත්‍ය හර්ෂන නානායක්කාර මහතා අද පෙරවරුවේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ගොස් පැමිණිල්ලක් කර තිබේ.
තමන් භාවිතාවට නොගන්නා ලද ආචාර්ය නාමයක් තම නම ඉදිරියට යෙදීම නිසා තමන් විශාල අපහසුතාවයට ලක්වූ බවත් මෙම අනවශ්‍ය හැඳින්වීම සිදුකළ පුද්ගලයා සොයා ගැනීමට අවශ්‍ය බවත් ඔහු සිය පැමිණිල්ල මගින් දැනුම් දී තිබේ.
තම නම ඉදිරියෙන් ආචාර්ය නම යෙදීම හේතුවෙන් පාර්ලිමේන්තු සන්නිවේදන දෙපාර්තමේන්තුව සමාව ඉල්ලා ඇති බවත් මාධ්‍ය මගින්ද එම වැරදි හැඳින්වීම නිවැරදි කර ප්‍රසිද්ධිය ලබා දී ඇති බවද හෙතෙම කියා සිටියේය.
නමුත් මේ හේතුවෙන් තමන්ට දින තුනක පමණ කාලයක් තිස්සේ විශාල මඩ ප්‍රචාර දියත් වූ බවද පවසන ඔහු ට එනිසා මෙම වැරදි හැඳින්වීම කර තමන් අපහසුතාවට පත්කළ පුද්ගලයා සොයා ගැනීම සඳහා මෙම පැමිණිල්ල කළ බවද පැවසුවේය.
මට ‘ආචාර්ය’ නාමය දැමූ පුද්ගලයා සොයනු - අධිකරණ ඇමති CID යයි
2024-12-16T11:32:00+05:30
Gossip Lanka Hot News






