නව කථානායක ජගත් වික්‍රමරත්න!
පාර්ලිමේන්තුවේ නව කථානායක ධුරයට පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය ජගත් වික්‍රමරත්න පත්කිරීමට අවධානය යොමුව ඇතැයි වාර්තාවේ.
ජගත් වික්‍රමරත්න පසුගිය මහමැතිවරණයේදී ජාතික ජන බලවේගයෙන් පොලොන්නරුව දිස්ත්‍රික්කයට තරග කර පාර්ලිමේන්තුවට තේරී පත්විය.
හිටපු කතානායක අශෝක රංවල ඉල්ලා අස්වීමත් සමග කථානායක ධූරය හිස්ව පවතී. නව කථානායකවරයකු පත්කර ගැනීම හෙට රැස්වන පාර්ලිමේන්තුවේදී සිදුකෙරෙනු ඇතැයි වාර්තා වේ.
මීට පෙර නියෝජ්‍ය කථානායක රිස්වි සාලි, නිහාල් ගලප්පත්ති සහ ලක්ෂ්මන් නිපුණආරච්චි යන තිදෙනාගේ නම්ද කථානායක ධූරය වෙනුවෙන් යෝජනාවී තිබිණි.
මේ අතර සමගී ජන බලවේගය විසින්ද කථානායක ධූරය වෙනුවෙන් සිය පාර්ශ්වයෙන් මන්ත්‍රීවරයකුගේ නමක් යෝජනා කිරීමට සූදානමින් සිටී.
නව කථානායක ජගත් වික්‍රමරත්න!
2024-12-16T09:40:00+05:30
Gossip Lanka Hot News






