gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

හදිසියේම දකුණු කොරියාවට හමුදා නීතිය පනවයි!

හදිසියේම දකුණු කොරියාවට හමුදා නීතිය පනවමින් ජනාධිපති යුන් සුක් යෝල් රූපවාහිනිය ඔස්සේ ජනතාව අමතමින් ප්‍රකාශයක් කළ බව ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කරයි.

උතුරු කොරියානු කොමියුනිස්ට් බළකාවලින් රට ආරක්ෂා කරගැනීමට රාජ්‍ය විරෝධීන් විනාශ කිරීමට හදිසි යුද නීතිය පනවමින් තීරණයක් ගන්නා බව ජනාධිපති යුන් සුක් යෝල් සදහන් කරයි.

රාජ්‍ය විරෝධීන් රට තුළ නොසන්සුන් තත්වයක් ඇති කිරීමට උත්සාහ දරන ‌බවත් එවැනි තත්වයක් මත දකුණු කොරියානු ජනතාවගේ නිදහස හා ආරක්ෂාව සහතික කිරීමට හමුදා නීතිය පැනවීමට සිදුවූ බව ජනාධිපති යුන් සුක් යෝල් සදහන් කරයි.

විශේෂ බළකා සෙබළුන් පාර්ලිමේන්තුව තුළට බලෙන් ඇතුළු වී ඇති අතර හමුදා නීතිය යටතේ නැවත වරක් නිදහස් හා ප්‍රජාතන්ත්‍රවාදී දකුණු කොරියාවක් ගොඩනැගීමට කටයුතු කරන බවද ජනාධිපති යුන් සුක් යෝල් සදහන් කරයි.

හමුදා නීතිය පැනවීමත් සමග දකුණු කොරියානු පාර්ලිමේන්තුවට මන්ත්‍රීවරුන්ට ඇතුළුවීමට නොහැකි පරිද්දෙන් මාර්ග බාධක යොදා වසා දැමීමට එරට පොලීසිය කටයුතු කර ඇත.

දකුණු කොරියා ජනපතිවරයාගේ එම තීරණයට එරට විපක්ෂයෙන් මෙන්ම ඔහුගේ පක්ෂයෙන්ද විරෝධයතා මතුවී ඇති බව ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කරයි.


gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka