gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

ප්‍රභූ වරප්‍රසාද අහෝසිකිරීම සම්බන්ධයෙන් කැබිනට් ප්‍රකාශකගෙන් නිල ප්‍රකාශයක්!

කැබිනට් තීරණ දැනුම්දීම සඳහා ඊයේ කැඳවා තිබූ මාධ්‍ය හමුවේදී කැබිනට් ප්‍රකාශක අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා පැවසූවේ මැති ඇමතිවරුන්ගේ සහ හිටපු ජනාධිපතිවරුන්ගේ වරප්‍රසාද සීමා කිරීමට අදාළව කේ. ටී. චිත්‍රසිරි කමිටු වාර්තාව අධ්‍යයනය කරමින් සිටින බවයි.

ඊයේ කැබිනට් තීරණ දැනුම්දීම සඳහා කැඳවා තිබූ මාධ්‍ය හමුවේදී අදහස් දක්වමින් අමාත්‍යවරයා ඒ බව පැවසීය.

“ජනාධිපතිවරයා පත්වූ පසු කමිටුවක් පත් කළා..මැතිඇමතිවරුන්ගේ වරප්‍රසාද සම්බන්ධයෙන් විමර්ශනය කිරීමට. හිටපු ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු කේ. ටී. චිත්‍රසිරි මහතාගේ සභාපතීත්වයෙන්. ඔවුන්ගේ වාර්තාව ඊයේ ජනාධිපතිතුමාට බාර දුන්නා. ඒ ගැන අධ්‍යයනය කරමින් ඉන්නවා.” 

“ඒ වාර්තාවේ සඳහන් වෙනවා. ඔවුන් නිර්දේශ කරලා තියෙනවා යම් යම් වරප්‍රසාද කොහොමද සීමා කරන්නේ කියන එක පිළිබඳව. මේ සියල්ල අපි එකට සලකා බලන්නේ.” 

පෙරේදා (02) දිනයේ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා වෙත මන්ත්‍රීවරුන්, අමාත්‍යවරුන් හා හිටපු ජනාධිපතිවරුන්ට ලබාදෙන දීමනා හා වරප්‍රසාද පිළිබඳ නැවත සලකා බැලීමට පත්කළ කේ. ටී. චිත්‍රසිරි කමිටුවේ වාර්තාව භාරදී තිබුණි.

එම කමිටුව සඳහා,

කේ.ටී.චිත්‍රසිරි මහතා – (සභාපති) විශ්‍රාමික ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු
ඩී. දිසානායක මහතා – විශ්‍රාමික අමාත්‍යාංශ ලේකම්
ජයන්තා සී.ටී. බුළුමුල්ල මහත්මිය – විශ්‍රාමික දිස්ත්‍රික් ලේකම්/දිසාපති

යන සාමාජිකයන් ඇතුලත්ව සිටියහ.


gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka