gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

ආනයනකරුවන්ට අවස්ථාවක්... සියලුම සීමා ඉවත්කරයි

වෙළෙඳපොළේ නාඩු සහල් හිඟවීම සහ පාලන මිල ඉක්මවා සහල් අලෙවි වීම හේතුවෙන් පාරිභෝගික ජනතාව යම් අසීරුතාවකට මුහුණ දී ඇත.

ඒ අනුව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ඔක්තෝබර් 24 වනදා මහා පරිමාණ සහල් නිෂ්පාදකයින් කැඳවා පාලන මිලට සහල් අලෙවි කරන ලෙස දැනුම් දුන් අතර ඔවුන්ද එහිදී ඊට එකඟතාව පළකළේය.

කෙසේවෙතත් තවමත් වෙළෙඳපොළේ සහල් හිඟය නිමා වී හෝ පාලන මිලට සහල් අලෙවි කිරීම සිදුනොවන බවට වෙළෙඳුන් සහ පාරිභෝගිකයන් චෝදනා කරයි.

මෙම තත්වය සැලජිල්ලට ගනිමින්, ශ්‍රී ලංකා රජය හදිසි තීරණයක් ලෙස සහල් ආනයනය සඳහා පනවා තිබූ සියලුම සීමාවන් ඉවත් කර තිබේ.

මෙම තීරණයට අනුව, ආනයන පාලන බලපත්‍රයක් නොමැතිව සහල් ආනයනය කිරීමට ආනයනකරුවන්ට හැකියාව ලැබේ. කැබිනට් ප්‍රකාශක වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා ප්‍රකාශ කළේ, මෙම නව ප්‍රතිපත්තිය ලබන 20 වැනිදා දක්වා ක්‍රියාත්මක වනු ඇති බවයි.


gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka