gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ තනි තීරණයක් ගනී!

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ආරංචි මාර්ග පවසන පරිදි එම පෙරමුණ එළඹෙන පළාත් පාලන මැතිවරණයේ දී තනිව තරග කිරීම කෙරෙහි අවදානය යොමුව තිබේ.

පසුගිය දා රැස්වු ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ දේශපාලන මණ්ඩලය සහ විධායක සභාව අතර එහිදී මෙම කරුණු සම්බන්ධයෙන් දීර්ඝ ලෙස සාකච්ඡා වී ඇති බවද වාර්තා වේ.

නමුත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුනේ ප්‍රධානතම හවුල්කාරී පක්ෂය වන ලංකා සමසමාජ පක්ෂය සමග පමණක් ගිවිසුම් ගත වීමේ අවධානය යොමුවී ඇති බව එම ආරංචි මාර්ග වැඩිදුරටත් පවසයි.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ලෙස එළඹෙන පළාත් පාලන මැතිවරණයේ දී තනිවම තරග කිරීම සුදුසු බව එහිදී පක්ෂයේ බොහෝ පිරිසකගේ මතය වී ඇත.

එමෙන්ම පසුගිය මහමැතිවරණයේ දී පක්ෂයෙන් ඉවත්ව ගිය පිරිස් යළි පක්ෂයට සම්බන්ධ කර ගැනීම පිළිබදව ද දීර්ඝ ලෙස කරුණු සාකච්ඡා වී ඇති අතර බොහෝ පිරිසක් පෙන්වා දී ඇත්තේ ඔවුන් යළි සම්බන්ධ කර ගැනීම සුදුසු බවයි.

නවුත් යම් පිරිසක් ඊට ප්‍රතිවිරුද්ධව අදහස් දක්වා ඇති බව ද දේශපාලන ආරංචි මාර්ග සදහන් කළේය.


gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka