gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

ඇමති හර්ෂණට ආචාර්ය කීවේ සභානායක ලිපිය මතයි - පාර්ලිමේන්තුවෙන් ජනපතිට වාර්තාවක්!

අධිකරණ ඇමැති හර්ෂණ නානායක්කාර මහතාගේ නම ඉදිරියෙන් ‘ආචාර්ය’ යනුවෙන් පාර්ලිමේන්තු වෙබ් අඩවියේ පළ කිරීම සම්බන්ධයෙන් පාර්ලිමේන්තුව සකස් කරන ලද වාර්තාවක් ජනාධිපති අනුර දිසානායක මහතාට හා අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවට බාර දී ඇත.

සභානායක කාර්යාලයෙන් එවන ලද ලිපියක ‘ආචාර්ය’ ලෙස සඳහන් වීම මත පාර්ලිමේන්තු වෙබ් අඩවියට එම දත්ත ඇතුළත් කරන ලද බව එම වාර්තාවේ සඳහන්ව ඇතැයි පැවසෙයි.

හර්ෂණ නානායක්කාර මහතා පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවේ සාමාජිකයකු ලෙස නම් කරමින් ඔහුගේ නම ඉදිරියෙන් ආචාර්ය ලෙස යනුවෙන් යොදා තිබූ බව එම වාර්තාව විසින් පෙන්වා දී ඇත.

මේ අතර මෙම සිදුවීමට අදාළව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින්ද පාර්ලිමේන්තුවේ නිලධාරීන් තිදෙනෙකුගෙන් ප්‍රශ්න කර ඇත.

ඒ අමාත්‍යවරයා විසින් කරන ලද පැමිණිල්ලක් අනුවයි.



gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka