gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

මාලිමාව ඇමතිවරුන්ගේ කට බැඳලද.? දුරදිග ගිය “පක්ෂ අවසරයට” නලින්ද බෙල්ල තියයි

සම්මුඛ සාකච්ඡාවක් ලබා දීම සඳහා ජාතික ජනබලවේග පක්ෂයෙන් අනුමැතිය ගත යුතු බවට අධිකරණ අමාත්‍යවරයා කළ ප්‍රකාශයක් සම්බන්ධයෙන් මාධ්‍යවේදිනියක් විසින් සමාජ මාධ්‍යක තැබූ සටහනක් පිළිබඳ ඊයේ (24) පැවති කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවේදී නලින්ද ජයතිස්ස මහතා වෙත පැනයක් යොමුවිය.

එහිදී කැබිනට් ප්‍රකාශකවරයා පවසා සිටියේ, අමාත්‍යාංශවල ක්‍රියාකාරිත්වය ගැන තොරතුරු අමාත්‍යවරුන් විසින් ජනමාධ්‍යට කිව යුතු යැයි හෝ ජන මාධ්‍යට තොරතුරු නොදෙන ලෙසට හෝ ජාතික ජන බලවේගය විසින් අමාත්‍යවරුන්ට කිසිදු වාරණයක් පනවා නොමැති බවයි.

මාධ්‍යවේදියා : “සහෝදර මාධ්‍යවේදියෙක් සම්මුඛ සාකච්ඡාවක් ගන්න අධිකරණ ඇමති හර්ෂණ නානායක්කාරට කතා කළා ම පක්ෂෙන් අහන්න කියල තියෙනවා. ආණ්ඩුවේ ඇමතිවරු ෆෝන් ආන්සර් කරන්නේ නෑ කියලත් චෝදනාවක් තිබෙනවා. පක්ෂයෙන් එහෙම අවසර ගන්න ඕනේ ද?”

අමාත්‍යවරයා: “අපි කිසිම අමාත්‍යවරයෙකුට වාරණයක් දාලා නෑ. නමුත් මේ ක්‍රියාවලිය කිසියම් ආකාරයකට විධිමත් කරගත යුතුයි. අපි කැබිනට් මණ්ඩලයේ තීන්දු මේ විදියට සතිපතා කියනවා. එතැනදී ඔබට ප්‍රශ්න කරන්න පුළුවන්. අමාත්‍යාංශයේ තීන්දු ගැන ඇමති කිව යුතුයි. හැමදේම කතා කරගන්න තරම් වෙලාවක් නැතිවෙන්න පුළුවන්. මොකද ඒ ඇමතිවරු රජයේ වැඩපිළිවෙල ක්‍රියාත්මක කරන්න විශාල මහන්සියක් ගනිමින් ඉන්නවා. තිබෙනවා නම් ඒ වෙලාව සම්බන්ධ ප්‍රශ්නයක් පමණයි.”
gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka