සජිත්ගේ සියලුම අධ්‍යපන සුදුසුකම් ඉදිරිපත් කරයි
සමගි ජන බලවේග නායක, විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස හෙට (18) උදෑසන තමා සතු සියලුම අධ්‍යාපන සුදුසුකම් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බව අද (17) පාර්ලිමේන්තුවේදී සදහන් කරයි.
විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස සදහන් කළේ,
“හෙට උදේට මම ලබපු සියලුම අධ්‍යාපන සුදුසුකම් ටික මේ සභාවේ ඉදිරිපත් කරන්න මම අදහස් කරනවා. උපාධි සහතිකය පමණක් නොවෙයි. ඉන් ඔබ්බටත් ගිය හැම සහතිකයක්ම ඉදිරිපත් කරන්න බලාපොරොත්තු වෙනවා.”
අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස නැඟූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මේ බව සදහන් කරයි.
සජිත්ගේ සියලුම අධ්‍යපන සුදුසුකම් ඉදිරිපත් කරයි
2024-12-17T17:54:00+05:30
Gossip Lanka Hot News






