හිටපු අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන අවුරුදු දෙකක කාලය තුළ ජනාධිපති අරමුදලින් මේ රටේ දරුවන් වෙනුවෙන් වියදම් කිරීමට තිබු රුපියල් ලක්ෂ 121ක් වියදම් කර ඇති බව අමාත්‍ය නලින්ද ජයතිස්ස අද (17) දින පාර්ලිමේන්තුවේදී සදහන් කරයි.
අමාත්‍ය නලින්ද ජයතිස්ස සදහන් කළේ,
“මෙන්න වියදම් කරලා තියෙන හැටි.. 2022 සැප්තැම්බර් (01) සිට 2024 සැප්තැම්බර් (30) දක්වා අග්‍රාමාත්‍ය කාර්යාලයේ වෛද්‍ය ඒකකයේ වියදම්.. එකතුව ගත්තොත් එහෙම, රුපියල් 121ක් ලක්ෂ 10,220යි අවුරුදු දෙකට. ලක්ෂ 121යි අග්‍රාමාත්‍ය කාර්යාලයේ වෛද්‍ය ඒකකයේ වියදම්.
මේ වියදම් තමයි ගරු අග්‍රාමාත්‍ය තුමිය පහුගිය කාලයේ ඒ ඇම්බියුලන්ස් එහෙම බාරදීලා අඩු කරලා තියෙන්නේ. මෙන්න වියදම්.. මේවා තමයි ජනතාවගේ බදු මුදල් වියදම් කරලා තියෙන හැටි තමුන්නාන්සේලා.. පහුගිය ආණ්ඩු.
කවුද මේවා පාවිච්චි කළේ.. දිනේෂ් ගුණවර්ධන අග්‍රාමාත්‍යවරයා හැටියට. මේ පාවිච්චි කරලා තියෙන හැටි. කොතනද අග්‍රාමාත්‍ය කාර්යාලය තියෙන්නේ. එතන ඉදන් ජාතික රෝහලට කොච්චර දුරයිද.? මහලොකු දුරක් නැනේ..
රටේ ඉහලින්ම තියෙන රාජ්‍ය සහ පෞද්ගලික රෝහල් සියල්ලම අත ලග තියෙන්නේ.. එහෙම තියද්දි අග්‍රාමාත්‍ය කාර්යාලයේ වෛද්‍ය ඒකකයේ වියදම් රුපියල් ලක්ෂ 121ක් පාවිච්චි කරලා තියෙනවා. මේවා නතර කරන්න තමයි ජනතාව අපිට බලය දුන්නේ. අපි ඒවා කරමින් ඉන්නවා.”