පසුගිය කොරෝනා වසංගත සමයේදී එක් ආගමක් ජාතියක් ඉලක්ක කරගෙන එම පිරිසට අසාධාරණයක් වන ආකාරයට ආදාහන භුමදාන ගැටලුවේදී ගෝඨාභය රාජපක්ෂ රජය කටයුතු කර ඇති බව පාර්ලිමේන්තුවේදී විවාදයට ලක්විය.
විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අදහස් දක්වමින් පැවසූවේ එවකට රජය WHO එක ලබා දුන් මාර්ගෝපාද්ශ පවා කඩ කළ බවත් එම නිසා මේ අයිතිවාසිකම් කඩවූ ඉස්ලාම් භක්තික මුස්ලිම් ජාතික පුද්ගලයන්ට සාධාරණය ඉටු විය යුතු බැවින් ඔවුන්ට වන්දි ලබාදිය යුතු බවත් ය.