gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

ආණ්ඩුවේ අමනෝඥ වැඩ වලින් රුසියාව කෝපයට පත්වෙලා... තෑගිත් අරන් හිතත් රිද්දලා!

පසුගියදා ශ්‍රී ලංකාවට රුසියාවෙන් පරිත්‍යාගයක් ලෙස ලබා දුන් පොහොර මෙට්‍රික් ටොන් 55,000 සම්බන්ධයෙන් වත්මන් රජය රුසියාව කෝපයට පත් කර තිබූ පුවතක් වාර්තා වේ.

පසුගිය බ්‍රහස්පතින්දා (12) කෘෂිකර්ම අමාත්‍ය කේ.ඩී. ලාල්කාන්ත සහ කෘෂිකර්ම අමාත්‍යාංශයේ නිලධාරීන් විසින් එම රුසියාවෙන් ආ පොහොර තොගය රැගත් නෞකාව පිළිගනු ලැබීය.

කෙසේවෙතත්, ශ්‍රී ලංකා රජය වෙනුවෙන් නෞකාව පිළිගැනීම සඳහා ජනාධිපතිවරයාගේ හෝ අගමැතිගෙන් සමන්විත ඉහළ මට්ටමේ සහභාගීත්වයක් රුසියාව මුලින් අපේක්ෂා කර ඇති බව වාර්තාවන අතර, කෘෂිකර්ම අමාත්‍යවරයා පමණක් යැවීමට රජය ගත් තීරණය පළමුව රුසියාවට යම් කළකිරීමක් ඇතිකරවා තිබේ.

මෙම හිත්‍ රිදීම සෞඛ්‍ය හා මාධ්‍ය අමාත්‍යාංශය විසින් නිකුත් කරන ලද නිවේදනයකින් පසුව වඩා තීව්‍ර වී ඇති ඇති බව පැවසේ. ඒ එම පොහොර පරිත්‍යාගය ලෝක ආහාර වැඩසටහනෙන් (WFP) පරිත්‍යාගයක් බව ප්‍රකාශ කර තිබීම හේතුවෙනි.

එම මාධ්‍ය නිවේදනය දුටු රුසියානුවන්, ජනමාධ්‍ය අමාත්‍යාංශය රුසියාවට අපහාස කර ඇති බවත්, ඒ සම්බන්ධයෙන් රජයට තම අප්‍රසාදය පළ කිරීමටත් තීරණය කොට තිබිණ.

රුසියානුවන් ප්‍රශ්න කර තිබුණේ එරටින් ලැබුණු තෑග්ග සඳහා ලෝක ආහාර වැඩසටහනට පහසුකම් සපයන්නෙකුගේ භූමිකාව පමණක් ඉටු කර ඇති බව පෙන්වා දීම හිතාමතාම අතපසු කිරීමක් ද නැතහොත් වැඩ කරන්නේ කෙසේදැයි නොදන්නා නව කණ්ඩායමක ක්‍රියාමාර්ගයක් ද යන වගයි.?

එම නිල භාරදීමේ උත්සවයට සහභාගී වීම පිළිබඳව තමා දෙවරක් කල්පනා කරන බවත් ශ්‍රී ලංකාවේ රුසියානු තානාපති ලෙවන් ධගරියන් ද තම තානාපති කාර්යාල කාර්ය මණ්ඩලයට දන්වා ඇති බව සඳහන්.

කෙසේ වෙතත් මෙම අත්වැරදීම සම්බන්ධව රජයේ බලධාරීන් සමාව ඉල්ලා අතර රුසියානු තානාපතිවරයා පසුගිය බ්‍රහස්පතින්දා අමාත්‍ය ලාල්කාන්ත මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති උත්සවයටද සහභාගී විය.

එම රුසියානු තානාපතිවරයා දැඩි ස්ථාවරයක් ගත් අතර, ආකර්ශනීය සටන් පාඨවලින් තොරව ශ්‍රී ලංකා රජය කෙරෙහි රුසියාවේ ප්‍රවේශය රඳා පවතින්නේ වැඩ කටයුතු සිදු කරන ප්‍රායෝගික ආකාරය මත ාවධාරණය කර ඇත.

News source – The morning


gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka