මංගල සංචාරය අති සාර්ථකයි... බිලියන ගණනින් ආයෝජන රැගෙන ජනපති ආපසු එයි!
ඉන්දියාවේ තෙදින නිල සංචාරයක නිරත ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා නවදිල්ලි නුවර දී ඊයේ (16) පස්වරුවේ ඉන්දියානු කර්මාන්ත සම්මේලනය විසින් සංවිධානය කළ ඉන්දීය මහා පරිමාණ ව්‍යාපාරික සමඟ සාකච්ඡාවකට එක් විය.
අනුර කුමාර දිසානායක මහතා එහිදී මේ වනවිට ශ්‍රී ලංකාවේ ආයෝජනය සඳහා නිර්මාණය වී ඇති දේශපාලනමය වශයෙන් හිතකර පරිසරය පහදා දුන් ආතර ශ්‍රී ලංකාවේ ආයෝජනය කරන ලෙස ඉන්දීය ව්‍යවසායකයන්ගෙන් ඉල්ලා සිටියේය.
එම සාකච්ජාවේදී ඩිජිටල් ආර්ථික, සංචාරක, පුනර්ජනනීය බලශක්ති සහ තොරතුරු තාක්ෂණ යන ක්ෂේත්‍ර වල ආයෝජනය පිළිබඳව විශේෂ අවධානය යොමු කෙරිණි.
ඒ අනුව දෙරට අතර වෙළෙඳ කටයුතු මුල්කර ගනිමින් ශ්‍රී ලංකාවේ ආයෝජන අවස්ථා පුළුල් කිරීම පිළිබඳවද සාකච්ඡාවට ලක් විය.
මෙම සාකච්ඡාවේදී ශ්‍රී ලංකාව තුළ අයෝජන අවස්ථා කෙරෙහි යොමු වීමට ඉන්දීය මහා පරිමාණ ව්‍යාපාරික නියෝජිතයන් කැමැත්ත පළ කළ අතර ඒ සඳහා අවශ්‍ය ආයෝජන පහසුකම් සැපයීමට ශ්‍රී ලංකා රජය එකඟ විය.
මංගල සංචාරය අති සාර්ථකයි... බිලියන ගණනින් ආයෝජන රැගෙන ජනපති ආපසු එයි!
2024-12-17T09:17:00+05:30
Gossip Lanka Hot News






