gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

රාජපක්‍ෂ සමයේ බරපතල අපරාධයක CID ලිපි ගොනු අතුරුදන්!

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සතුව තිබු රාජපක්ෂ සමයේ දී සිදු වූ අපරාධ සම්බන්ධයෙන් වූ ලිපි ගොනු අස්ථානගත වීමක් පිළිබඳ චෝදනා එල්ල වෙයි.

මාධ්‍යවේදී පෝද්දල ජයන්ත මහතා පැහැරගෙන ගොස් අමානුෂික වද බන්ධනයන්ට ලක් කොට බරපතල තුවාල සිදුකිරීමක් සම්බන්ධයෙන් අදාළ පරීක්ෂණයේ වැදගත් ලිපි ගොනු කිහිපයක් මෙලෙස අතුරුදන් වී ඇති බව පෝද්දල ජයන්ත මහතා සදහන් කරයි.

ඔහු මේ බව පැවසුවේ තමන්ට එරෙහිව සිදුවූ අපරාධය සම්බන්ධයෙන් නැවත වතාවක් පැවැත්වෙන පරීක්ෂණ සම්බන්ධ ප්‍රගතිය විමසමින් ඊට අදාළව ප්‍රකාශයක් ලබා දීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ගිය අවස්ථාවේදීය.

අන්තර්ජාල නාලිකාවක් සමඟ සාකච්ඡාවකට එක්වෙමින් ඔහු ඊට අදාල තවත් තොරතුරු හෙළිකර තිබුණි.

දේශපාලන සරණාගත භාවය ලැබ මේ වනවිට ඇමරිකාවේ පදිංචිව සිටින ජයන්ත මහතා මීට පෙර 2017 වසරේ දී ත්  ශ්‍රී ලංකාවට පැමිණ තමන්ට එල්ලවූ ප්‍රහාරය පිළිබඳ තොරතුරු ලබා දී තිබේ.

ඔහු පවසන්නේ 2009 වසරේ තමන්ට එල්ල වූ ප්‍රහාරය පිළිබඳ 2017 වසර වන විට පවා නිසි පරීක්ෂණ සිදුව නොතිබුණු බවයි.

එමෙන්ම රට තුළ සිදුවූ සාපරාධී ක්‍රියා රැසක් සම්බන්ධ සාක්ෂි මේ වන විට විනාශ වීමේ අවධානමක් පවතින බවද ඔහු මෙම සාකච්ඡාවේදී හෙළිකරයි.


gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka