‘රත්න සහල්’ තොග සගවලා.. කෝටි 350ක ණයකුත් අරන්…- වසන්තගෙන් සහල් බෝම්බයක්!
සමගි ජන බලවේග ජාතික ලැයිස්තුවට ඇතුළත් කර සිටි සහල් මෝල් හිමියෙකු සහල් තොග සඟවාගෙන වෙළඳපොළට නිකුත් නොකර සිටින බවට අමාත්‍ය වසන්ත සමරසිංහ මහතා පවසයි.
රත්න සැහල් හිමිකරු මෙසේ සහල් තොග සඟවාගෙන සිටින බවත් ඔහු මෙරට බැංකුවකින් පොලී නැතුව රුපියල් බිලියන තුන හමාරක ණය මුදලක් ලබාගෙන ඇති බවද හෙතෙම පැවසුවේය.
ඊට ප්‍රතිචාර දක්වමින් පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂණ රාජකරුණා මහතා පැවසුවේ ජාතික ජන බලවේග ජාතික ලයිස්තුවේද මරාගෙන මැරෙන බෝම්බකරුවන්ට සම්බන්ධ අයද සිටි බවයි.
අද පාර්ලිමේන්තුවේදී මෙම සංවාදය ඇති විය.
‘රත්න සහල්’ තොග සගවලා.. කෝටි 350ක ණයකුත් අරන්…- වසන්තගෙන් සහල් බෝම්බයක්!
2024-12-06T14:20:00+05:30
Gossip Lanka Hot News






