gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

ජර මර අස්සේ පොහොට්ටුව යලි බලය අල්ලයි!

ආරච්චිකට්ටුව විවිධ සේවා සමූපාකාර සමීතියේ පැවැත්විය යුතුව තිබූ නිළවරණය නොපවත්වා එම නිළවරණය වෙනුවට නැවත ප්‍රාදේශික සඳහා කාරක සභා යාවත්කාලීන කිරීමෙන් ඇතිවෙන්නට ගිය ගැටුම සමතයකට පත්ව නැවත එම සමූපාකාර පාලනය පොදු පෙරමුණ රජය යටතේ පාලනය කළ සභාපතිවරයා ඇතුලු අධ්‍යක්ෂ මණ්ඩලයටම හිමිවිය.

සමූපාකාර ප්‍රාදේශික 23 ක් සඳහා කාරක සභිකයින් 207 දෙනෙකු පත්කර ගැනීම ආරච්චිකට්ටුව සමූපාකාර රැස්වීම් ශාලාවේදී ඊයේ දිනයේ (18) පැවැත්වීය.

මෙම නව නිළධාරී මණ්ඩලයක් පත් කර ගැනීම හා එම කටයුත්ත ප්‍රමාද වීම පිළිබඳව වයඹ පළාතේ සමූපාකාර කොමසාරිස් වසන්ත ගුණසේකර මහතාගෙන් සිදු කළ විමසීමකදී ඔහු පවසා සිටියේ නව පාලක මණ්ඩලය විසින් මහ සභාව පත්කර ගැනීමට එරෙහිව අභිආයචනාධිකරණය වෙත රිට් පෙත්සමක් ඉදිරිපත් කර ඇති අතර එම නඩු විභාගය අවසන් වනතුරු මහසභාව පත්කර ගැනීම තාවකාලිකව නතර කිරීමට උපදෙස් ලබා දී ඇති බවයි.

ඒ අනුව සමූපාකාර කොමසාරිස් වරයාගේ නියෝගය පරිදි ඊයේ (18) දින සමූපාකාර ප්‍රාදේශික සඳහා කාරක සභිකයින් යාවත්කාලීන කළ අතර එළබෙන ජනවාරි 13 දින ලැබෙන අධිකරණ තීන්දුවකට අනුව ඉදිරි කටයුතු කිරීමට කටයුතු කරන බව කොමසාරිස් වරයා වැඩිදුරටත් පැවසුවේය.

මේ අතර එම ස්ථානයට එක්රැස් වූ පොදු පෙරමුණ නව පාලක ආධාරකරුවන් හා ජාතික ජන බලවේගය ආධාර කරුවන් අතර අතර ඇතිවීමට ගිය ගැටුම ව්‍යර්ථ වී පිරිස විසිර ගියහ.


gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka