gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

නඩු තීන්දුව දෙන්න යද්දී ඥාණසාර හිමි ලෙඩවෙයි... අත්අඩංගුවට ගන්නැයි නියෝග!

බොදු බල සේනා සංවිධානයේ මහ ලේකම් පූජ්‍ය ගලබඩඅත්තේ ඥානසාර හිමි අත්අඩංගුයට ගන්නා ලෙස කොළඹ අතිරේක මහේස්ත්‍රාත් අධිකරණය විසින් අද වරෙන්තු නිකුත් කළේය.

ඉස්ලාම් ආගමට අපහාස කරමින් ආගමික සංහිඳියාවට බාධා කළේ යැයි චෝදනාව අදාල නඩුවේ තීන්දුව ලබාදීමට නියමිතව තිබූ අද අධිකරණයේ පෙනී නොසිටීම මත මෙම වරෙන්තුව නිකුත් කර ඇත.

2016 ජූලි 08 වැනි දික මාධ්‍ය සාකච්ඡාවකදී ඉස්ලාම් ආගම සම්බන්ධයෙන් කරන ලද ප්‍රකාශයකින් ආගමික සංහිඳියාව බිඳියන ලෙස කටයුතු කර ඇති බවට චෝදනා කරමින් මෙම නඩුව පවරා ඇත.

සැකකාර හිමිගේ නීතිඥයා අධිකරණයට පැවසුවේ හිමියන් කොළඹ රෝහලක ප්‍රතිකාර ලබන බැවින් අධිකරණයේ පෙනී සිටීමට නොහැකි බවයි.

කෙසේ වෙතත් අධිකරණය විසින් සැකකරුට වරෙන්තු නිකුත් කරමින් දැන්වූයේ අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙසයි.


gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka