gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

රනිල් නාම යෝජනා භාර දෙන දවසේ ඔහුට සුබ පතන්න රාජකාරි වෙලාව තුළ ලංගම බස් එකක් අරන් හොරණ සිට කොළඹ ආපු හොරණ ඩිපෝ කළමනාකරු ඇතුළු 06කගේ වැඩ තහනම්!

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පසුගිය ජනාධිපතිවරණයට නාමයෝජනා භාරදෙන දිනයේ ඔහුට සුභ පතන්නට ලංගම බස් රථයකින් බොරැල්ල මැතිවරණ කාර්යාලය අසලට ගිය ඩිපෝ කළමණාකරුවෙකු ඇතුළු හය දෙනෙකු ගේ වැඩ තහනම් කර ඇති බව කළුතර දිස්ත්‍රික් ලංගම ප්‍රාදේශීය කාර්යාලය සදහන් කරයි.

මෙසේ වැඩ තහනමට ලක්ව ඇත්තේ හොරණ ඩිපෝ කළමණාකරු , සහකාර කළමණාකරු (පාලන) සහ තවත් සේවකයින් සිව්දෙනෙකු ගේ බව සදහන් වේ.

පසුගිය ජනාධිපතිවරණයේදී හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා නාමයෝජනා භාරදෙන දිනයේ ඔහුට සුභපැතීම සහ සහය පලකිරීම සදහා NB 6182 දරණ හොරණ ඩිපෝවට අයත් බස් රථයෙන් ඔවුන් හයදෙනා රාජකාරි කාලය තුලදී බොරැල්ල දක්වා ගමන්කර ඇති බවට සදහන්ව ඇති බව ලංගම කළුතර උසස් නිළධාරියෙක් පැවසීය .

එම ලංගම නිළධාරින් දෙදෙනා සහ සේවකයින් සිව්දෙනා ලංගම බස් රථයෙන් බොරැල්ලට ගමන් කර ඇති බවට මැතිවරණ කොමිෂමට ලද පැමිණිල්ලක් මත සිදුකල විමර්ශන වලින් පසු වැඩ තහනම සිදුකර ඇති බවද ප්‍රකාශකයා කීය.

ලංගම මුලස්ථානයේ ප්‍රධාන විනය කළමණාකරු විසින් එකී වැඩ තහනම් නියෝගය නිකුත් කර ඇති බවද සදහන් වේ.

ඔවුන් හය දෙනා සම්බන්ධයෙන් අධිකරණ ක්‍රියාමාර්ග ගැනීමට නියමිත බවද ලංගම කළුතර ප්‍රාදේශීය කාර්යාලය වැඩිදුරටත් සදහන් වේ.

සුමිත් පොතුපිටිය


gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka