gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

22-23 දැඩි ආර්ථික අර්බුදය මැදත් වැඩහිටි නිවාසය නඩත්තුවට භාණ්ඩාගාරයෙන් කෝටි 22ක් ඇදලා!

ජාතික අයවැය චක්‍රලේඛය යටතේ ගොඩනැඟිලි ඉදිකිරීම් සහ කුලියට ගැනීම් සීමා කළද, අග්‍රාමාත්‍ය කාර්යාලයේ නඩත්තු කටයුතු සඳහා 2022 සහ 2023 වසරවලදී රුපියල් විසි දෙකෝටි හාරලක්ෂ හාරදහස් හැටහතරක මුදලක් වැය කර ඇති බව ජාතික විගණන කාර්යාලයේ වාර්තාවකින් හෙළි වේ. රට ආර්ථික අර්බුදයක සිටියදී මෙම වියදම් සිදු කිරීම පිළිබඳව විමර්ශනයක් සිදු කිරීමටද කටයුතු කර තිබේ.

මෙරට දැඩි ආර්ථික අර්බුදයක් පැවැති 2022 වර්ෂයේ දී රුපියල් දහඅටකෝටි පහළොස්ලක්ෂ විසි දහස් හයසිය දාහතක (181,520,617) මුදලක් සහ 2023 වර්ෂයේ දී රුපියල් තුන්කෝටි අසූ අටලක්ෂ අසූතුන්දහස් හාරසිය හතළිස්හතක මුදලක් (38,883,447) මුදලක් මෙම නඩත්තු කටයුතු සඳහා වැය කර ඇති අතර, 2022 අප්‍රේල් 26 දිනැති ජාතික අයවැය චක්‍රලේඛයේ සඳහන් වන්නේ රාජ්‍ය වියදම් අත්‍යවශ්‍ය සේවාවන් සඳහා පමණක් සීමා කළ යුතු බවයි.

අග්‍රාමාත්‍ය කාර්යාලයේ ප්‍රධාන ගණන්දීමේ නිලධාරියා පවසන්නේ, ඇමැති මණ්ඩලයේ අනුමැතිය මත අලුත්වැඩියා කටයුතු නිම කර ගොඩනැඟිල්ල රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශයට පැවරීමට කටයුතු කළ බවයි. 2023 වසරේදී අතිරේක ප්‍රතිපාදන ලබාගෙන මෙම කටයුතු සිදු කළ බව ද ඔහු සඳහන් කරයි.

විගණන කාර්යාලයේ මතය වන්නේ, ජාතික අයවැය චක්‍රලේඛයට අනුකූලව කටයුතු කර හිඟ බිල්පත් ගෙවා ගොඩනැඟිල්ල රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශයට භාර දී ඇති බවයි.


gossip lanka
 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka