gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

රාජ්‍ය නිලධාරීයෙකුගේ කන පලා, මාධ්‍ය ඉදිරිපිට රිලා නැටුම් නැටූ චාමර සම්පත්ට විපතක්!

හිටපු අමාත්‍ය රාජ්‍ය චාමර සම්පත් දසනායකට එරෙහිව නඩුවක් ගොනුකිරීමට කටයුතු කර තිබේ. ඒ පසුගිය වසරේ ජුලි මස 07 වනදා එප්පාවල පොස්පේට් සමාගම් පරිශ්‍රය තුළ සිදු කළ නිරීක්ෂණ චාරිකාවක දී එහි සැපයුම් නිලධාරී ලෙස කටයුතු කළ එස්.ඒ.අබේසිරි නැමැති නිලධාරියාට තවත් අයෙකු ලවා පහර දී තර්ජනය කර අපහාස සිදුකිරීම සම්බන්ධයෙනි.

හිටපු අමාත්‍යවරයාට එරෙහිව රුපියල් ලක්ෂ 500ක වන්දියක් ඉල්ලා අදාළ නිලධාරියා විසින් මෙම නඩුව ගොනුකිරීමට කටයුතු කර තිබේ.

එමෙන්ම මෙම සිද්ධිය අතරතුර එම සිද්ධිය මුද්‍රිත, ශ්‍රව්‍ය දෘෂ්‍ය මාධ්‍ය සහ සමාජ මාධ්‍ය මඟින් ප්‍රචාරය කරවමින් අමාත්‍යවරයා විසින් මෙම නිලධාරියාව සේවයෙන් නෙරපා හරින ලෙස නියෝග කර ඇති අතර, ඔහුව අනීතික ලෙස වැඩ තහනමට ලක් කිරීම අභියෝගයට ලක් කරමින් මෙම නඩුවේ කරුණු ඉදිරිපත්කර තිබේ.

අගතියට පත් වූ මෙම නිලධාරියා විසින් අත්තනගල්ල දිසා අධිකරණයේ මෙම නඩුව ගොනුකරමින් පවසා ඇත්තේ එකී පහරදීම, තර්ජනය කිරීම, සැලසුම් සහගතව අසත්‍ය චෝදනා කර ප්‍රසිද්ධ මාධ්‍යන් ඉදිරියේ ප්‍රකාශ කරමින් ආයතනයේ සේවයකන් හා නිලධාරීන් ඉදිරියේ පරිභව කිරීමෙන් රජයේ විධායක නිලධාරියෙකු වශයෙන් ඔහුගේ කීර්ති නාමයට සිදුකළ අපහාසයට සහ සිය ප්‍රතිරූපයට සිදු කළ හානිය වෙනුවෙන් රුපියල් ලක්ෂ 500ක වන්දියක් අය කර දෙන ලෙස ලෙසයි.

ඒ, අනුව පසුගිය 29 වනදා අත්තනගල්ල දිසා අධිකරණය විසින් මෙම නඩුව කැඳවා ඇති අතර, එයට හිටපු ප්‍රාථමික කර්මාන්ත රාජ්‍ය අමාත්‍ය චාමර සම්පත් දසනායක ද තම නීතිඥවරුන් මඟින් අධිකරණය හමුවේ පෙනී සිට තිබෙනවා.


gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka