gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

“මඩේ ලැගපු ඌරෝ එළියට ඇවිල්ලා” - නලින්දගෙන් දයාසිරිට තිත්ත උත්තරයක්!

ජනාධිපති අරමුදලෙන් මුදල් ලබාගත් තවත් පිරිසකගේ නම් ලැයිස්තුවක් තමා ළග තිබෙන බවත් එම ලැයිස්තුව ඉදිරියේදි ඉදිරිපත් කරන බව සෞඛ්‍ය අමාත්‍ය නලින්ද ජයතිස්ස සදහන් කරයි.

අමාත්‍ය නලින්ද ජයතිස්ස සදහන් කළේ,

“මම පාර්ලිමේන්තුවේ ඉදිරිපත් කළේ 2005 ඉදලා 2024 දක්වා ජනාධිපති අරමුදලෙන් මුදල් ලබාගත් දේශපාලඥයන් කීපදෙනෙකුගේ නම් පමණයි. තවත් නම් ලැයිස්තුවක් මගෙ අතේ තියනවා. ප්‍රදේශීය සභා, නගර සභා, සභිකයෝ, සභාපතිවරු, පළාත් සභා මැති ඇමතිවරු, ආණ්ඩුකාරවරු, ඒ අයගේ ලේඛනයකුත් තියනවා. මම එදා කොටසක් පමණයි ඉදිරිපත් කළේ.

එනිසා ඒ 2005 ඉදන් 2024 දක්වා. අපි ඉස්සරහට ඊට කලින් ඒවත් ඉදිරිපත් කරන්නම්, ජනාධිපති ලේකම් කාර්යාලයේ ඒගොල්ලෝ ඉතුරු කරලා ගිහිල්ලා තියන ලේඛන මත. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ විතරක් නෙමෙයි, ජනාධිපති ලේකම් කාර්යාලයේ ඔය හැම ලේඛනයක්ම හොයාගන්න එක එතරම්ම ලෙහෙසි පහසු නෑ.

අනිත් ඔය නම් සදහන් කරපු මන්ත්‍රීවරු, ඇමතිවරු, 30කට ආසන්න ප්‍රමාණයක් මම ඉදිරිපත් කළා. දයාසිරි ඇරුනාම අනිත් ඔක්කොම භාරගත්ත විවිධ තත්වයන් තුළ ඒ අය මේ මුදල් ගත්තා කියලා. දයාසිරි විතරක් එක එක දේවල් කිය කිය යනවා.

මට මතක් වෙන්නේ මේ සමහර අර මඩේ ලැගපු ඌරෝ එළියට ඇවිල්ලා ගඟක, ඇලක, දොළකට පැනලා මඩ හෝදගන්න නෙමෙයි ට්‍රයි කරන්නේ, තමන්ගේ ඇගේ තියන මඩ ටික කොහෙහරි තාප්පෙක, ගලක, ගහක උල උලා යන්න. ඒ වගේ වැඩක් තමා මේ කරමින් ඉන්නේ. දයාසිරි කියන්න ඕනකම තියෙන්නේ මෙන්න මෙච්චරයි.

ඔහු ජනාධිපති අරමුදලින් කොච්චර මුදල් ගත්තද.? එහෙම නැත්තම් තවත් අරමුදල් වලින් අරගෙන තියනවද.? රක්ෂණයෙනුත් ගත්තද ඒකට.? ඒ ආදි දේවල් කියනව මිසක්, මේ ජනාධිපති අරමුදලෙන් මුදල් ලබාගත්ත අයගේ නාම ලේඛනය ඉදිරිපත් කරපු මට හරි, වෙනකාට හරි අවලාද ගහලා තේරුමක් නෑ.”

කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේදී අමාත්‍ය නලින්ද ජයතිස්ස මේ බව සදහන් කරයි.
gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka