පාර්ලිමේන්තුව කැළඹෙයි... නිදහසට කරුණු කියන්න නියෝග!
මේ වනවිට මතුව ඇති තත්ත්වය හේතුවෙන් පාර්ලිමේන්තු වෙබ් අඩවියේ ඇතැම් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ නම් ඉදිරියට වැරදි ආකාරයට ආචාර්ය උපාධිය සඳහන් කිරීම සම්බන්ධයෙන් නිදහසට කරුණු ඉදිරිපත් කරන ලෙසට පාර්ලිමේන්තු ප්‍රධානීන් අදාල නිලධාරීන්ට නියෝග කර ඇත.
පාර්ලිමේන්තු වෙබ් අඩවියට තොරතුරු ඇතුළත් කරන්නේ එහි සභා ලේඛන අංශය විසින් වන අතර අදාල නිලධාරීන් ලබන සඳුදාට පෙර නිදහසට කරුණු ඉදිරිපත් කරන ලෙසට පාර්ලිමේන්තු ප්‍රධානීන් නියෝග කර ඇත.
මේ අතර නව ආණ්ඩුව කෙරෙහි විශ්වාසය තැබූ ජනතාව අපහසුතාවයට පත් නොකර තමා ඉල්ලා අස්වන බවට නිවේදනයක් නිකුත් කරමින් කථානායක අශෝක රන්වල සිය ධුරයෙන් ඉල්ලා අස්විය.
පාර්ලිමේන්තුව කැළඹෙයි... නිදහසට කරුණු කියන්න නියෝග!
2024-12-14T07:37:00+05:30
Gossip Lanka Hot News






