නියෝජ්‍ය කථානායක වෛද්‍ය මොහොමඩ් රිස්වි සාලි තම අධ්‍යාපන සුදුසුකම් ප‍්‍රසිද්ධියට පත් කර ඇත.
“නායකත්වය පිළිබඳ විශ්වාසය හා වගවීම පවත්වා ගැනීම අත්‍යාවශ්‍ය බව මම විශ්වාස කරනවා. එම නිසා මගේ වෘත්තීය සුදුසුකම් විවෘතව බෙදා ගැනීමට මම කැමැතියි.
මම 1986 දී පකිස්ථානයේ මුල්තාන් හි නිම්තාර් වෛද්‍ය විද්‍යාලයෙන් එම්බීබීඑස් (MBBS) උපාධියත්, කොළඹ විශ්වවිද්‍යාලයෙන් උගුර, කන, නාසය පිළිබඳව ඩිප්ලෝමාවක් ද ලබා තිබෙනවා.
මම ශ්‍රී ලංකා වෛද්‍ය සභාවේ ලියාපදිංචි වෛද්‍යවරයෙක් වන අතර වසර 38ක් වෛද්‍ය වෘත්තියේ යෙදී සිටිනවා. මගේ වෘත්තීය ජීවිතය රාජ්‍ය සේවයෙන් ආරම්භ කළ අතර කොළඹ සහ වෙනත් විවිධ ප්‍රදේශවල රෝහල් වල සේවය කළා.
වසර 12කට පසු ඉන් ඉවත්ව පුළුල් ධාරිතාවකින් මම ජනතාව වෙනුවෙන් සේවය කළා. මගේ සුදුසුකම් බෙදාගැනීමේ අරමුණ, මා කෙරෙහි ජනතාව තැබූ විශ්වාසය යළි තහවුරු කිරීමයි.”